පවුල් සැලසුම් කිරීම මානව අයිතිවාසිකමක් ලෙස හැඳින්විය හැකිය. මේ මගින් කාන්තාවකට තමන් ගර්භිණීභාවයට පත්විය යුතුද? එසේ නම් කුමන අවස්ථාවකදීද සහ කොපමණ වතාවක්ද යන්න තීරණය කිරීමට අවස්ථාව ලබාදේ.
ඒ මගින් කාන්තාවට ඇයගේ ශරීරය සහ ඇගේ අනාගතය පිළිබඳ දැනුවත්ව තීරණ ගැනීම සඳහා සවිබලගැන්වීම තුළින් සෞඛ්‍යමත් සහ ආරක්ෂාකාරී ජීවිතයක් ගත කිරීමටත් ජාතික ආර්ථිකයේ සංවර්ධනයට තම දායකත්වය ලබාදීමටත් අවස්ථාව උදාකර දේ.
මේ නිසා පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ජාතික පවුල් සැලසුම් වැඩසටහනේ පළමු සමාලෝචන වාර්තාවක් පසුගිය සතියේ එළිදැක්වීය.
ඒ නිසා පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම සම්බන්ධව ඔබව දැනුවත් කිරීමට තීරණය කළෙමු. මේ සඳහා 'අද' ට අදහස් දැක්වූයේ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී සංගමයේ සභාපති දීප්ති කෞෂානි ජයතුංග මහත්මියයි.
Q පවුල් සැලසුම් ක්‍රමය කොහොමද රටක තිරසාර සංවර්ධනයට වැදගත් වන්නේ?
පවුල් සංවිධානය කියන්නෙම අනවශ්‍ය දරු උපතක් වළක්වා ගැනීම. අනවශ්‍ය දරු උපතක් කියලා කියන්නේ තමන්ගේ ආර්ථික මට්ටම අනුව දරුවො හදන එක සැලසුම් කරන එකයි. එසේ කළේ නැත්තම්, දරුවො හතර පස්දෙනෙක් හැදුවොත් ඒ දරුවන්ට කුඩා කාලයේ අදාළ පෝෂණය ලබාදෙන්න වෙන්නෙ නෑ.
ඒ වගේම දරුවන්ට හරි අධ්‍යාපනයක් දෙන්න වෙන්නෙ නැහැ. ලෙඩ රෝගවලට හරියට ප්‍රතිකාර දෙන්න වෙන්නෙ නැහැ. ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවාව පැත්තෙන් ගත්තොත් පූර්ව ළමාවිය සංවර්ධනය කියන දේ දරුවන්ට ඉතාම වැදගත්. ඒකට උපදෙස් ලැබුණට අම්මට ඉඩකඩක් නැති වෙනවා දරුවන්ට හරියට ඒ දේ ලබාදෙන්න. ඒ නිසා පවුල් සැලසුම් ක්‍රමය වැදගත් වෙනවා.
අනිත් කාරණය තමයි ළමයින්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න අම්මලා විදේශගත වෙනවා. අම්මා විදේශගත වෙනවාත් එක්කම තාත්තා වෙන පැත්තකට යොමු වෙන අවස්ථා අපේ රටේ ඕනතරම් තිබෙනවා. ඒ සමගම මේ දරුවො අනාරක්ෂිත වෙනවා.
අනිත් කාරණය තමයි ආදායම් මාර්ගයක් උපයන්න යන බොහෝ කාන්තාවෝ තමන්ගේ ලෙඩ දුක ගැන බලන්නෙ නැති වෙනවා. එවිට අනවශ්‍ය ලෙඩ රෝගවලට වගේම කරදරවලට පවුලේ සියල්ලන්ම ගොදුරු වෙනවා. ඒ සියල්ලට වක්‍රව ගත්තොත් රටේ යම්කිසි මුදලක් වියදම් වෙනවා. එය රටේ සංවර්ධනයට බාධාවක් වෙනවා.
ඒ වගේම මීට අවුරුදු ගණනකට කලින් රටේ සාපරාධී ගබ්සා වලින් මිය ගිය මව්වරු ප්‍රතිශතයක් තිබුණා. දැන් ඒක බොහෝදුරට අඩුවෙලා තිබෙනවා. ඒ දේ එලෙස නැතිවෙලා තියෙන්නෙ මෙන්න මේ පවුල් සංවිධාන ක්‍රමය නිසා. රටේ පවුල් සංවිධාන ආවරණය 70%ක්. ඒ 70% ඇතුළෙ මේ කතා කරපු සියලු ප්‍රශ්නවලට උත්තරදී තිබෙනවා.
මේ නිසා පවුල් සංවිධාන ක්‍රමයෙන් වෙන්නේ අපේ ආර්ථිකයට ගැළපෙන අපේ පවුල හදාගන්න උපදෙස් ලැබෙන එකයි. ඒ උපදෙස් අනුව වැඩ කරපුවාම අපිට සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකයේ සුරක්ෂිතභාවය යන සියල්ලම ඒ ඇතුළෙ රැකෙනවා. එය රටේ ආර්ථිකයට වගේම රටේ තිරසාර සංවර්ධනයට බලපානවා.
Q පසුගිය සතියේ පවුල් සැලසුම් සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කළා. ඊට අනුව ලංකාවේ පවුල් සැලසුම් ක්‍රම අද වනවිට මොන වගේ තත්ත්වයකද තිබෙන්නේ?
ලංකාවේ පවුල් සැලසුම් ක්‍රම ගත්තම නික්ෂේපණ තිබෙනවා. පෙති වශයෙන් තිබෙනවා. මෙයින් බහුතරයක් කරන ක්‍රමය තමා අඩු වයසේ විවාහක අයට කරන no plant ක්‍රමය, ලූප් පැලඳීම සහ පෙති භාවිතය යන ක්‍රම.
ඊට අමතරව කොන්ඩම් පාවිච්චි කරනවා. කොන්ඩම් පාවිච්චි කිරීම සම්බන්ධ දැනුම මදිකමක් තිබෙනවා. ඒ නිසා වැඩිපුරම පවුල් සෞඛ්‍ය නිලධාරීන් නැඹුරු වෙනවා අර ක්‍රම තුනට අනූව සිදුකරන්න.
Q ඔබ හිතන විදියට මේ උපත් පාලන ක්‍රමවලින් වඩාත් ප්‍රතිඵලදායක ක්‍රමය කුමක්ද?
100%ක් සෑම උපත් පාලන ක්‍රමයක්ම ප්‍රතිඵලදායක නැහැ. නමුත් මේ ඉහත සඳහන් කළ ක්‍රම සෑහෙන ප්‍රතිඵලදායකයි. ඒ ක්‍රම 4 ඇතුළෙ 70%ක පවුල් සංවිධාන ආවරණයක් රට ඇතුළෙ තිබෙනවා.
Q ඒ වගේ උපත් පාලන ක්‍රම පාවිච්චියෙන් කාලයත් සමග අතුරු ආබාධ හට ගන්නවාද?
මේවායින් යම්කිසි හෝමෝන මට්ටමේ වෙනසක් වෙනවා. නමුත් පවුල් සංවිධාන ක්‍රමයෙන් අයින් වුණාම වසරක් පමණ ගතවෙද්දී සාමාන්‍ය මට්ටමට එනවා.
Q පවුල් සැලසුම් සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද?
එයින් බොහෝ විට බලාපොරොත්තු වූයේ රටේ අලුතෙන් හඳුන්වාදෙන පවුල් සැලසුම් ක්‍රමවල සාර්ථකත්වය හා නැවත අලුතෙන් පවුල් සැලසුම්වලට යොමු කරගන්න අවශ්‍ය ප්‍රතිශතය සහ දැනට කරපු ප්‍රතිශතය අතර ඇති ප්‍රතිඵල මොන වගේද කියා සොයා බලන එකයි.
Q කාන්තාවන් සවිබල ගන්වන්න පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම ගැන කතා කළොත්?
බොහෝ විට ළමයි සමග කාන්තාව ගෙදරට කොටු වීමක් සිදු වෙනවා. ළමයි දාලා යන්න විදිහක් නැහැ. ඒ නිසා රටේ තිබෙන ආර්ථිකයත් එක්ක අද වනවිට සැමියාත් , බිරිඳත් මුදල් ඉපයීමේ මාර්ගයකට යොමු වෙන්න ඕන.
මේ ක්‍රම මගින් වයස් පරතරය පාලනය කරගෙන පවුල් සංවිධාන ක්‍රම භාවිත කළාම තමන්ට අවශ්‍ය කරන වයස් පරතරය හදා ගැනීමේ හැකියාව තිබෙනවා. එවිට කාන්තාව ගෙදරට කොටු වෙන එක අඩුකර ගන්න පුළුවන් වෙනවා. ඒ තුළින් කාන්තාවට යම් කිසි ආදායම් මාර්ගයකට යොමු වෙන්න හැකියාව ලැබෙනවා.
අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන්. මන්ද කාන්තාව කියන්නෙ නිවසට සිර වී සිටිය යුතු කෙනෙක් නෙමේ. නිදහසේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බලන්න, නිවසේ ආර්ථිකයට ශක්තියක් වෙන්න, තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න ඒ වගේ දේවල්වලට නිදහස ගන්න පුළුවන් වෙනවා මේ පවුල් සැලසුම් ක්‍රම භාවිත කිරීම මගින්. ඒ ඔස්සේ කාන්තාවන් සවිබල ගැන්වීමක් සිදු වෙනවා.
Q දුෂ්කර පළාත්වල කාන්තාවන් මේ පවුල් සැලසුම් ක්‍රම සම්බන්ධව දැනුවත් කිරීම ලබා ගන්නේ කෙසේද?
ඒ පිළිබඳ අදාළ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 100%ක් ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. දුෂ්කර පළාත් කියලා නිලධාරීන් තමන්ගේ වගකීම පැහැර හැරලා නැහැ. එහෙම පැහැර හැරිය නම් මේ ඉලක්කයට එන්න බැහැ. ඒ වගකීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 100%ක් ඉෂ්ට කරලා තියෙනවා. නමුත් රටේ ප්‍රශ්නයක් තිබෙනවා. රටේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා.
හෙට දවස වෙද්දී ඒ හිඟය 50%ක් විතර වැඩි වෙනවා. තව වසරක් වෙද්දී මේ තත්ත්වය තවත් වැඩි වෙනවා. අන්න එතෙනදි මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් එනවා තමන්ට මේ සේවාව සපයා ගැනීම සම්බන්ධයෙන්. නිසි පවුල් සංවිධානය කියන්නෙම නිසි උපදෙස් නිසි වේලාවට ලබා ගන්න ඕන දෙයක්. එතකොට තමන්ට අදාළ නිලධාරිනිය නැති වීමෙන් රටේ ඉලක්ක සමහර විට පහළට වැටෙයි.
Q ඒ සම්බන්ධයෙන් රජය පියවරක් අරන් නැද්ද?
රජයෙන් මේ සම්බන්ධව තාම කිසිම සැලසුමක් නැහැ.
Q පුංචි පවුල රත්තරං කියන සංකල්පයට අද වනවිට විවිධ බලවේග දෝෂාරෝපණය එල්ල කරමින් ඉන්නවා. ඒ සම්බන්ධව ඔබතුමියගේ අදහස මොන වගේද?
මේ නිසා සිංහල අම්මලා දරුවො දෙන්නෙක් හැදුවා. මේ දේ ඒ කාලේ තිබුණ එකක්. දැන් සිංහල කියලා නෑ. සිංහල, දෙමළ , මුස්ලිම් යන සියලු මවුවරුන් මේ තියෙන ආර්ථික රටාවත් සමග පවුල් සැලසුම්වලට නැඹුරු වෙලා තිබෙනවා.
මුස්ලිම්, දෙමළ ආගම් අනුව ඒ කාලේ මේ ෙද් ජීවිතයක් නැති කිරීමක් කියා සිතා ඒ දේට විරුද්ධ වුණා. නමුත් අද වෙද්දී මේ දැනුවත් කිරීම සහ රටේ ආර්ථිකයත් සමග ඔවුනුත් මේ වෙද්දී පවුල් සංවි‘ධාන ක්‍රම අනුගමනය කරනවා. මේ කතාව ඇත්තටම ආගම්වාදය, ජාති වාදය මුල් කරගත්ත කතාවක්.
ඒ දෙයින් සිංහල ජාතියේ අඩු වීමක් වුණා කියන කාරණය. මේ දෙස අන්තවාදයෙන් බැලුවෙ නැත්නම් උතුරු නැගෙනහිර පළාත්වල පවුල් සංවිධානය අඩු වෙන්න ඕන. රටේ ඉලක්කයට අදාළව ඒ ඒ පළාත් අනුව මෙය සිදු කර තිබෙනවා. ඒ නිසා සිංහල ජාතිය පමණක් නොවේ අනෙකුත් ජාතීන්ද අඩු වීමක් සිදු වෙනවා.
Q පවුල් සැලසුම් සම්බන්ධව විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවන්ට දෙන්න තිබෙන උපදෙස කුමක්ද?
මෙහිදී වයසත් අනුව දෙන උපදෙස්වල වෙනස් වීමක් තිබෙනවා. අඩු වයසේ කෙනෙක් නම් අවුරුදු 25ක් වත් යනකම් දරුවෙක් හදන්න ඉන්න කියනවා. රටේ දුෂ්කර පළාත් ගත්තොත් මොනරාගල, අම්පාර, හම්බන්තොට පළාත්වල අඩු වයස් විවාහයන් වැඩියි.
එතකොට ඒ අයට දෙන උපදෙස තමයි ළමයෙකු හදන්න සුදුසු වයස එනකම් උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න කියන එක. ඒකට අඩු වයසේ කෙනෙක්ට හඳුන්වලා දෙන්නෙ NO PLANT කියන ක්‍රමය තමයි. ඒ වගේම මේ දේත් මතක් කරන්න ඕන සාමාන්‍ය‘යෙන් ළමයෙකු හදන්න සුදුසු වයස කියලා අපි නිර්දේශ කරන්නෙ වයස අවුරුදු 24 -30 අතර කාලයයි.