පරිසර හිතකාමී ඇසුරුම් මලුවලට කතුන් යොමු කිරීමේ වැඩමුළුවක්


පරිසර හිතකාමී ඇසුරුම් මලු නිෂ්පාදනය පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් හාලිඇල විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී ඊයේ (29දා) පැවැත්විණි.

දෙස් විදෙස් ප්‍රචලිත ප්‍රවීණ අත්කම් ශිල්පිනී  සුමනා දිසානායක මහත්මිය විසින් මෙය මෙහෙයවනු ලැබීය.

ඉවතලන රෙදි කැබලි , කාඩ්බෝඩ් පෙට්ටි, වියළි වැටකොලු යනාදියෙන් අපූර්ව නිර්මාණ සිදුකළ හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් මේ සඳහා සහභාගි වූ කාන්තාවන්ට මෙහිදී ලැබුණි.

ස්වයං රැකියාවක් ලෙසටද මෙම නිෂ්පාදන සිදුකළ හැකි බව මේ සඳහා සහභාගි වූ කාන්තාවන්ට එහිදී පැවසීය. 

කාන්තාවෝ අසූදෙනෙක් ඇතුළු පිරිසක් මේ වැඩමුළුව සඳහා සහභාගි වූහ.

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

 



Recommended Articles