තරබාරු දැරිවියන්ගේ ඩිම්බකෝෂවල බුබුළු ආසාදන බහුලව ඇතිවිය හැකිය


සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය සිදුවන්නේ දින 28කට වරක් යැයි පිළිගත් මතයක් පවතියි. නමුත් ඔසප්වීමේ අක්‍රමිකතා පවතිනවා යැයි තීරණය කළ යුත්තේ ඔසප්වීම දින 25 - 35 ත් අතර කාලයකදී සිදුනොවුවහොත් පමණි. 
වර්තමාන තරුණියන් අතර බහුලව පවතින මෙම ඔසප් චක්‍රය ප්‍රමාදවීමට හේතු කිහිපයක් බලපායි.  
හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්වීම ගැහැනු දරුවෙකුගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්වීම ප්‍රධාන වශයෙන් ඔසප්වීම ප්‍රමාදවීමට මෙන්ම අක්‍රමවත් වීමට හේතුවෙයි. තරුණ ගැහැනු දරුවන්ගේ ශරීරයේ හෝමෝන වෙනස්වීමටද ප්‍රධාන වශයෙන් කාරණා 02 ක් බලපායි. ඉන් ප්‍රධාන කරුණ වන්නේ තරබාරුවයි. තරබාරු බව නිසා හෝමෝන වෙනස්වීම් අධිකව සිදුවිය හැකිය. මේ නිසා උසට සරිලන බර පවත්වාගැනීම ගැහැනු දරුවෙකු විසින් සිදුකළම යුත්තකි.
මීළඟ කාරණාව වන්නේ ඩිම්බ කෝෂවල ඇතිවන බුබුළු ආසාදන (Polycystic Ovarian Syndrome) දැක්විය හැකියි. වර්තමාන ගැහැනු දරුවන් මෙම තත්ත්වයට බෙහෙවින් ගොදුරු වී තිබෙනු දැකගත හැකි අතර, එම තත්ත්වය  හේතුවෙන්ද ශරීරයේ හෝමෝන තත්ත්වයන් වෙනස් වෙයි. එසේම ඩිම්බකෝෂවල බුබුළු ආසාදන බහුලව දැකගත හැක්කේ තරබාරු දැරිවියන්ගේ වීම විශේෂත්වයකි. එ මනිසා ගැහැනු දරුවන් තරබාරුව අවම කරගැනීමට උත්සාහ ගත යුතුවෙයි. 


දින 25 - 35 අතර දිනයක සිදුවන ඔසප්වීම් දින 45 - 60 අතර කාලයකදී සිදුවේ නම් එය අනාගතයේ මව් පදවිය ලැබීමේ අවස්ථාව හීන කිරීමකට හේතුවක් වනු ඇති. ඔසප්වීම් ප්‍රමාදවීමට අමතරව ඔසප්වීම් ඉතා කෙටි කාලයකදී ඇතිවීමද යහපත් තත්ත්වයක් නොවේ. විශේෂයෙන් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට සරු කාලය මැනගැනීම මින් අපහසු වේ.

ඔසප්වීමේ අක්‍රමිකතාවන්ට අමතරව ඔසප්වීමේදී ඇතිවන වේදනාවද බොහෝ තරුණියන්ට ඇතිවන ගැටලුවකි. සාමාන්‍ය‘යෙන් ඔසප්වීමේ පළමු දිනයේ හා දෙවැනි, තෙවැනි දිනවල වේදනාවක් දැනීම අයහපත් තත්ත්වයක් නොවේ. එලෙස වේදනාවක් ඇතිවීම මගින් හොඳ බීජ මේරීමක් සිදුවන බවද ගම්‍ය ‘වෙයි. නමුත් ඔසප්වීම නතර වී දින කිහිපයක් ගතවුවද, වේදනාකාරී තත්ත්වය පවතී නම් එයින් ගර්භාෂය ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇති බවට ඉඟිකරයි. එන්ඩ්‍රොමෙට්ට්‍රිඕසිස් (Endometriosis) නමැති රෝග තත්ත්වය ඊට ආසන්නම හේතුව විය හැකිය.
ඔසප් වීමේ අනුමිකතා හෝ වෙනත් ගැටලු පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය ‘වෙයි. මල්වර වීමෙන් පසු මාස කිහිපයක් දක්වා ඔසප් වීමේ අක්‍රමිකතා පැවතීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මල්වර වී මාස 6 ක් අවුරැද්දක් වැනි දීර්ඝ කාලයක් තුළ නැවත ඔසප්වීමක් සිදු නොවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වෙයි. එසේම නිතර නිතර ඔසප්වීම් සිදුවන තරුණියන්ද වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍යය. විශේෂයෙන් අවුරැදු 20 ඉක්ම වූ තරුණියකට ඔසප් චක්‍ර‘යේ අක්‍රමිකතා පවතී නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. තවද විවාහවීමට අපේක්ෂා කරන තරුණියක් අවුරුද්දක කාලයක් තුළ ඔසප් චක්‍ර‘යේ අක්‍රමිකතා පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.
ඔසප් වීම පවතිද්දී ඇතිවන වේදනාව සමනය කරගැනීමට පැරසිටමෝල් හෝ මෙෆනමික් ඇසිඩ් අඩංගු ඖෂධයක් හෝ මාත්‍රාව අනුව ගැනීම සිදුකළ හැකියි. උත්තරීතර මව් පදවිය ලබන්නට අපේක්ෂාවෙන් සිටින තරුණියක් අවුරුද්දක කාලයක සිට හෝ තම ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වාගැනීම තුළින් මව් පදවිය ලැබීම ඵලදායක කරගත හැකියි.

 



Recommended Articles