කාන්තාවන් ශ්‍රමිකයන් ලෙස විදේස්ගත කිරීමට එරෙහි කාන්තාවන්


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා සංවිධානය වන නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මගින් 'ලාභ ශ්‍රමයට ස්ත්‍රිය විදේශයට විකිණීම නවතනු', 'විදේශීය වහල් රැකියා වෙනුවට සුරක්ෂිත රැකියා තහවුරු කරනු' යන තේමාවන් යටතේ මස්කෙළිය නගරයේදී පෙරේදා (02දා) සවස උද්ඝෝෂණයක නිරත වූහ.

මෙහිදී උද්ඝෝෂණයට එක්ව සිටි එම කාන්තා සංවිධානයේ නියෝජිතයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වතුකරයේ කාන්තාවන් මෙරට ඔවුන්ගේ රැකියාවල ස්ථීරත්වයක් හා සාධාරණ වැටුපක් නොලැබෙන නිසා පවුල් සංස්ථාව රැකගැනීම සඳහා මැදපෙරදිග රැකියාවන් සදහා පිටත්ව යන බවයි.

විදේශගත වූවායින් පසුව වහල් සේවයක නිරත වී ජීවිතයෙන් වන්දි ගෙවන බවත්, අතදරුවන් පවා සිටියදී කිසිදු සාධාරණ නීතියක් නොමැතිව මෙම කාන්තාවන්  ගෘහ සේවය සඳහා විදේශගත වී දරුණු වධ හිංසාවන්ට ලක්ව මිය යන බවත් පැවසීය. එසේ මිය යෑමෙන් පසු මළසිරුර පවා මෙරටට ගෙන ඒමට නොහැකිව වසර ගණනක් දුක් විඳින බවත් කියා සිටියේය.

විදේශීය වහල් රැකියා වෙනුවට සුරක්ෂිත රැකියා තහවුරු කරන ලෙස හා විදේශගත වූ කාන්තාවන්ට සාධාරණය ඉටුකරන ලෙස රජයට බලකරමින් කරන ලද මෙම උද්ඝෝෂණය සඳහා මැදපෙරදිග රැකියා සඳහා ගොස් මස්කෙළිය ප්‍රදේශයේ අභිරහස් ලෙස මිය ගිය කාන්තාවන් තිදෙනෙකුගේ  පවුල්වල සාමාජිකයන් හා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

DSC01135 DSC01142 DSC01142_1 DSC01143 DSC01145 DSC01147



Recommended Articles