ඉෂිතාට කැරට් 22 රන් සාරියක්


මේ ආදරයයි ටෙලි නාට්‍ය හරහා මෙරට රසික ප්‍රජාව වැලඳගත් ඉෂිතා බල්හා නැතිනම් දිව්‍යන්කා ත්‍රිපති ළඟදි දවසක ලංකාවට පැමිණියේ උඩරට මනාලියක ලෙස හැඩවෙන්නයි. එලෙස ඇය උඩරට මනාලියක බවට පත්වූයේ මෙරට ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණී චම්පි සිරිවර්ධනගේ මනාලියන්ගේ මහගෙදර නව ප්‍රදර්ශනාගාරය කොළඹ රාජගිරියේදී විවෘත කළ අවස්ථාවේදීයි. එම විවෘත කිරීමේ අවස්ථා‘වේ ප්‍රධාන ආරාධිත අමුත්තිය බවට පත්වූ ඇය පිළිබඳව යමක් කතා කළ යුතුමයි. 

දිව්‍යන්කා ත්‍රිපති ඉන්දියාවේ මධ්‍ය ප්‍ර‘දේශ්හි භෝපාල්හි උපත ලබන්නේ 1984 වර්ෂයේදීයි. ඇය ත්‍රාසය ජනක ක්‍රීඩා වලට වඩාත් ප්‍රිය කරන තැනැත්තියක නිසාම කඳු නැගීම වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා. ඇය වෙඩි තැබීමේ ශූරියක වන අතර රයිෆල් තරගාවලි රන් පදක්කම්ලාභිනියකි. එසේම ඇය 2005 වර්ෂයේ භෝපාල් රූ රැජින ලෙසද අභිසෙස් ලැබුවා මෙන්ම රූප රාජිනී තරග වලදී අනු අංශ ජයග්‍රහණ රැසක් දිනාගත්තාය. රංගන දිවියේද ඇය හොඳම නිළියට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙයි. මේ ආදරයයි ටෙලි නාට්‍ය හරහා මෙරට රසික හදවත් දිනූ ඇය උඩරට සාම්ප්‍රදායික මනාලියක ලෙස සැරසුණු ආකාරය මෙලෙස 'අද' කැමරාවේ සටහන් විය.

ඡයාරූප- සඳුන් ගමගේ

 



Recommended Articles