’’ඉල්ලන් කන්නා’’ නිසා ඉල්ලන් කෑමක් අත ළඟ


දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ  ප්‍රදේශීය වනඅලියෙකු පැය විසි 24 පුරා  ප්‍රධාන මාර්ගයට පිවිස යන එන වාහන වලින් ලබාදෙන ආහාර ගැනීමට පුරුදු වී සිටීම නිසා විශාල අනතුරක් ඉදිරියේදී සිදුවිය හැකි බව මාර්ගයේ ගමන්කරන්නෝ පවසති.

 දැනට මාසයක පමණ කාලයක සිට මෙම වන අලියාට මාරගයේ ගමන්කරන්නන් කුමන හෝ ආහාරයක් ගෙනැවිත් ලබා දීමට දීමට පුරුදුවි  සිටීම විශේෂත්වයකි

එමෙන්ම තැන් තැන පලතුරු සහ එළවළු වර්ග රැගෙනවිත් මෙම අලියාට ආහාර සඳහා දමා යෑමට ද ඇතැම් පුද්ගලයින්  කටයුතු කරමින් සිටිති.

මෙම වන අලියා ද එම වාහන නැවතූ සැණින් වාහනය අද්දරට ගමන් කිරීමට පුරුදු වෙමින් සිටින අතර  ආහාරනොදී වන අලියා නැරඹීම පමණක් සිදු කොට ගමන් කරන  වාහන  පසුපස ගමන් කිරීමට ද මෙම වන අලියා පුරුදු වෙමින් සිටින බව නිරීක්ෂණය වූ තවත් කරුණකි.

 ඇතැම් ලොරි රථ රියදුරුන් මෙන්ම දිනපතා මෙම මාර්ගය භාවිතා කරන බොහෝ දෙනා කුමන හෝ ආහාරයක් පොලිතින්  බෑගයක දමාගෙන විත්  අලියා ආසන්නයටම පැමිණ  එම ආහාර ලබා දී ආහාර  රැගෙන එන  පොලිතීන් බෑගයද වනයට මුදා හැර ගම්න් කිරීම් දිනපතා රාජකාරියක් ලෙස සිදු කරති

මෙම වන අලියා "ඉල්ලන් කන්නා"  ලෙස  ලොරි රථ රියදුරෝ නම්  කොට තිබේ, ඉල්ලන් කන්නාට  බඩ ඉරිගු ,පොතු අඹ, අන්නාසි ,ආදී දෙ ගෙනැවිත් තැන තැන දමා යෑම ද තවත් පිරිසකගේ දෛනික චර්යාවක් බවට ද පත් කොට ගෙන තිබේ.

 මෙම මාර්ගයේ පැය 24 පුරාම විශාල  ජනතාව ගමන් කරති ,ඇතැම් වාහන වලට මෙම වන අලියා පහරද දීමට පවා උත්සාහ කළ අවස්ථා වාර්තා වන අතර තවත් අවස්ථා කිහිපයකම වාහන වලට පහර දීම සිදු කොට තිබේ.

 මෙම වන අලියා ඉල්ලන් කන්න පුරුදු වුවහොත්  අලියා ටත් ජනතාවටත්  ඉදිරියේදී මහා විනාශයක් ඇතිවන නිසා වනජීවී නිලධාරීන්ගේ මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනතාව පෙන්වා දෙයි.

 

 

 



Recommended Articles