කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අද (17දා) පෙරවරුවේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරන ලදී.
එහිදී ඔවුන් කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හඳුන්වා දීමට ගිය AIF (Agriculture Information System) ක්‍රමය සඳහා සිය සංගමය විරුද්ධ වීමත් සමග සිය සංගමයේ ලේකම්වරයාව අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඔහුගේ බලය යොදා ස්ථාන මාරු කරවූ බවයි.
එම කරුණ මෙන්ම සිය සංගමයේ නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට විරුද්ධව හා තවත් වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අමාත්‍යාංශ ලේකම්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.
සටහන හා ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු