මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, මකර, මීන
මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන මේ සතියේ ශුභ ඵලදායී ලග්න, වනුයේ මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, මකර, මීන, වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට ඉහත
කාර්යන් කෙරෙන් ශුභඵල රැසක් මෙම සතිය තුළ ගෙන දෙන්නේය. තම ඉදිරි දියුණුව උදෙසා වැඩ කොටසක් කරයි. අසරණ අයට පිහිට වන වැඩපිළිවෙළකට සහාය දෙයි. අසල්වැසියන් හා ඇසුරු කරන්නන් සමග විනෝද සංචාරක ගමන් බිමන් යෙදේ. අඩපණ තත්ත්වයේ පැවැති ඉපැයීම් මාර්ගවල වර්ධනයක් පෙන්නුම් කරයි. තමාට ලැබීමට තිබූ හෝ අය කර ගැනීමට තිබූ මුදලකින් කොටසක් හෝ ලැබෙනු ඇත. පසුගිය දිනට සාපේක්ෂව තමාට අදාළ රාජකාරී කොටස නිසි අයුරින් කිරීමට හැකි වන්නේය. වැඩ තහනමකට ලක් වී තිබුණේ නම්, නැවත රාජකාරිය සඳහා කැඳවීමක් ලැබීමේ ඉඩ ප්‍රස්තා යෙදේ. ස්වයං හා හවුල් ව්‍යාපාරික කටයුතුවලට බලපෑ ප්රශ්නකාරී ස්වභාවයක් විසඳේ. ව්‍යාපාරික ක්ෂේත්රයේ යම් යම් අභියෝගයන්ද ජයගත හැකි සතියක් වන්නේය. අධ්‍යාපන කටයුතුවලට බාධා නොපැමිණෙයි. අධ්‍යාපනික පාඨමාලාවල ගැටලු තැනක් නිරාකරණය කර ගැනීමට ඉඩ ලැබේ. ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට අදාළ අරමුණු සැලසුම් සිතැඟි පරිදි ඉෂ්ට සිද්ධ වී සතුට සැනසීමද ඇති වේ. විරුද්ධ ලිංගික ආකර්ෂණය ලැබෙන සතියකි.
කන්‍යා, ධනු, කුම්භ
මේ සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවට සම්බන්ධ සියලු කාර්යන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු සැලසුම් ගමන් බිමන්වලට අදාළ කාර්යන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්ට අවහිර බාධා ප්‍රමාදවීම් ඇති කිරීමට හේතු ගෙනෙන ලග්න, වනුයේ කන්‍යා, ධනු, කුම්භ වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට තම දෛනික අධ්‍යාපන කටයුතු ඉටුකර ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. නිරත අධ්‍යාපන කටයුතුවලට විවිධ බාධාවන් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසු වන්න. පුස්තකාල පොත් අලෙවි සැල් අධ්‍යාපනික ප්‍රදර්ශන ආදි ස්ථානයන්හි වැඩිපුර ගත කිරීමට අවස්ථාව ලැබුණත් ඉන් ප්‍රයෝජනයක් නොගනියි.
කටක, සිංහ, කන්‍යා
මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහ ජීවිතයේ කාර්යන්ට අදාළව යම් යම් ප්රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතු වන පැනනගින ලග්න වනුයේ කටක, සිංහ, කන්යාවැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබ ඉහත කාර්යන් කෙරෙන් නිසි අවධානයකින් යුතුව මෙම සතිය තුළ ගත කරන්න. විරුද්ධ ලිංගිකයන් සමග හිතමිත්රකම් පවත්වන්නට ඉඩ ලැබුණත් තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග විනෝද වීමටත් විවේකයෙන් කල් ගත කිරීමටත් ඉඩ කඩක් නොලැබේ. යුගදිවිය සාමාන්‍ය පරිදි ගතවේ. ඔබ මෙම සතියේදී තම විරුද්ධ ලිංගිකයා සමග කටයුතු කිරීමේදී සෑම දෙයකදීම මෙන් වගකීමෙන් තොරව ක්‍රියා කිරීමටත්, කතා කිරීමටත් නොපෙලඹෙන්න. එමෙන්ම යුග දිවියේ හා ෙප්‍ර්ම දිවියේ අඩු පාඩුද පිටතට නොපෙන්විය යුතු දින සතියකි.
බෙන්තොට - හේමන්ත
වෙබ් පිටුව - www.hirumadala.lk