ෆින්ලන්තයෙන් කෘෂ් බීජ ආනයනය කර ඒවා ලංකාවේ ජයටම වවලා


ෆින්ලන්තයෙන් කුශ් නැමති මත්ද්‍රව්‍ය බිජ ඇතුළු අනෙකුත් රසායනික ද්‍රව්‍ය ආනයනය කර මාලඹේ පිට්ටුගල කහන්තොට පාරේ සුපිරි නිවාස සංකීර්ණයක දෙමහල් නිවසක ශීතාගාර තුළ කුශ් බීජ රෝපණය කරමින්  මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යමින්  ජාවාරමක නිරත වූ  පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනා කුශ් මත්ද්‍රව්‍ය  සහ උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

කුෂ් මත්ද්‍රව්‍ය මිලදීගත් පුද්ගලයෙකුද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සමග   දෙමහල් නිවසේ පහත මහලේ සහ උඩුමහලේ කාමර දෙකක ප්ලාස්ටික්  ඇසුරුම් වල සරුවට වැවී තිබූ   විවිධ උස ප්‍රමාණවලින් යුත් කුශ් පැල 213, ආනයනික පොහොර වර්ග දියර වර්ග , බීජ, සහ කුඩා ඇසුරුම්  ඇතුළු නිෂ්පාදනයට  ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් භාරයට එකක් කුෂ් පැලවල වැඩිම උස ප්‍රමාණය අඩි හතරක් පමණ වේ යැයි පොලිසිය කියයි.

බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසයට අනුයුක්තව විශේෂ කණ්ඩායම් දෙක භාර ප්‍රධානියා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව     මාලඹේ කහන්තොට  ප්‍රදේශයේදී කුශ් ගෑම් 50 ක් සමග අත්අඩංගුවට ගත් මහරගම පදිංචිකරුවෙකුගෙන් අනාවරණය ගත් තොරතුරු අනුව අදාළ නිවස වැටලූ බව පොලිසිය කියයි.

ඒ අනුව  පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහතාගේ මග පෙන්වීම මත දෙමහල් නිවස වටලා සිදු කළ සෝදිසියේදී නිවසේ ඉහල සහ පහළ මහල්වල වායු සමීකරණය කරන ලද කාමර හතරක කුශ් බීජ රෝපණය කර සරුවට මෙම වගාව  සිදුකර නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය බවට අනාවරණය වූ බව පොලිසිය කියයි

එහිදී අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය  පවත්වාගෙන යාම භාරව කටයුතු කරන මරදාන  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එංගලන්තයේ  සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු  මෙම ජාවාරම සඳහා මුදල් ආයෝජනය කරන අනාවරණය වු බව පොලිසිය සඳහන් කරයි

මෙම නිවස මීට වසරකට ආසන්න කාලයකදී රුපියල් 80000/= ක කුලී පදනම මත ලබාගෙන තේ කොල පැකට් කරන මුවාවෙන් කිසිවෙකුට සැක නොසිතෙන ආකාරයෙන් කුශ් මත්ද්‍රව්‍ය  නිෂ්පාදනාගාරය ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



Recommended Articles