හෝටන් තැන්නට විශාල ජනතාවක්


කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි  විශාලතම  දේශීය සංචාරකයන්  කණ්ඩායම් පිරිස අද (05දා) දක්නට ලැබිණි.

රටේ පවතින යහපත් තත්ත්වය හේතුවෙන් සති අන්ත නිවාඩුවත් සමග විශාල වශයෙන් සංචාරක කණ්ඩායම් මෙසේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ සිටි අතර, ඔවුන් පැමිණි වාහන ප්‍රමාණය හා පිරිස් හසුරාවාගැනීමට වනෝද්‍යාන නිලධාරීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය.

උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කර ඇති බැවින් හා පළමුව පැමිණෙන සංචාරක කණ්ඩායම් 50 ක පිරිසක් වනෝද්‍යානයට ඇතුළත් කරන බැවින් වනෝද්‍යානය නැරඹීමට පැමිණීමේදි හැකි තරම් උදෑසන පැමිණෙන ලෙස හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිති.

එසේම හෝර්ටන්තැන්න වනෝද්‍යානයට පිවිසීමෙන් පසුව වනෝද්‍යාන නිලධාරීන් ලබා  දෙන උපදෙස් හා වනෝද්‍යානයේ ප්‍රදර්ශණය කර  ඇති දැන්වීම්වලට අනුව පමණක් කටයුතු කරන ලෙසත් එසේ නොකරන පිරිස් නීතියේ රැහනට හසුකරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවැසීය.

ශාන් හුලංනුගේ



Recommended Articles