පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් ප්රධාන මාර්ගයෙ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ එන්ජීම ගිනි ගැනිමටකට ලක්ව තිබුනේ පුත්තලම පාලවියෙ සිට සිමෙන්ති නිශ්පාදනයට හුණුගල් ප්රවාහනයට යොදවා තිබු වැගන් සහිත දුම්රියක එන්ජීම බව කියයි.
පුත්තලම දුම්රිය ස්ථානය පසුකරමින් අරුවක්කාළු දෙසට පුත්තලම නගරය මැදින් ගමන් කරමින් තිබු දුම්රිය හදිසියෙ ගිනි ගැනිමට ලක්විමත් සමග දුම්රිය රියදුරු මහතා කඩිනමින් එන්ජිම නවතා ගැනිමත් සමග සිදුවිමට තිබු විශාල හානියක් අවම වි ඇති බව කියයි.
කෙසේ වෙතත් දුම්රිය නැවති යාමේන් එහි වැගන් පුත්තලම කුරුණෑගල මාර්ගය අවහිර වන ලෙස පුත්තලම රෝහල ආසන්නයෙ නැවති යාම නිසා ප්රධාන මාර්ගය භාවිතා කල රථ වාහන හිමිකරුවන් දැඩි අසිරුතාවයට මුහුණ දි තිබු බව කියයි.
පසුව පුත්තලම මුලස්ථාන පොලිසියෙ රථවාහන අංශ නිළධාරින් හා ජනතාව සමග දුම්රිය සේවකයින් එක්වි වැගන් සහිත පෙට්ටි ගලවා මාර්ගය මැදින් වු කොටස ඉවත් කර ගමනා ගමනයට මාර්ගය නිදහස් කර දීමට කටයුතු කර තිබුනී.
ඉන් පසුව නැවත පැය දෙකකට පසු දුම්රිය බළධාරින් මැදිහත් වී සිමේන්ති සමාගමේ තිබු තවත් දුම්රිය එන්ජීමක් රැගෙන විත් ගිනි ගෙන නැවති තිබු දුම්රිය එන්ජීම සහිත වැගන් අමුනා රැගෙන යාම දැක ගත හැකි විනි.
කෙසේ වෙතත් පුත්තලම මුලික රෝහල ආසන්නයෙ මෙලෙස අදාල සිමේන්ති සමාගමට අයත් දුම්රිය දිනකට අවස්ථා ගනනාවක් ගමන් කිරීමත් සමග මාර්ග වැසි යාම ජනතාවට දැඩි පිඩාවට පත්ව ඇති බව කියයි.
මෙම තත්වයට පිළිතුරක් ලෙස මෙම ස්ථානයෙන් ගුවන් පාලමක් ඉදිකරන්නට අදාල සිමේන්ති සමාගමේ බළධාරින් කටයුතු කරන්නේ නම් එය සියලු දෙනාගෙ යහපතට කරුණක් බව ජනතාව පවසයි.