හිනිදුමට අධික ගංවතුරක්


ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත් විශාල ලෙස වාර්තා වෙද්දි අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

ධාරාණිපාත වාර්ෂාව නිසා ඒ ආශ්‍රිත පහත් බිම් රැසක් දින තුනක් තිස්සේ ජලයෙන් යටවී තිබේ. නෙළුව, තවලම, හිනිදුම, උඩුගම, නාගොඩ, බද්දෙගම ආදී ප්‍රදේශවල නිවාස දහස් ගණනක් ජලයෙන් යටවිය.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙළුව, තවලම, නාගොඩ, වැලිවිටිය දිවිතුර, යක්කලමුල්ල, ඉමදුව, නියාගම, බද්දේගම  යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයහපත් කාලගුණික තත්ත්වය දැඩිව බලපා ඇති බව ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පවසයි. පවතින අපදා තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ ඒකක, ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් ඒ පිළිබඳව සොයා බලා සහන සලසන බව දිස්ත‍්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියයි.

 දිවයිනේ වැඩිම වර්ෂාපතනය හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග ජල ගැලීම් ආරම්භ විය. සමහර ප්‍රදේශ දින හතරක් තිස්සේ ජලයෙන් යටවී තිබු අතර 15දා සවස වනවිට නිවාස 02ක් පුර්ණ හානියට සහ නිවාස 213ක් අර්ධ හානියට පත්වී තිබු බව ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පවසයි. ආපදාවට ලක්වූ මුළු පවුල් සංඛ්‍යාව 807කි.

උඩුගම අලුත්වත්ත ප‍්‍රදේශයේ 32 හැවිරිදි දෙදරු පියෙකු සහ මාපලගම මුලන ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙකු ජල පහරකට ගසාගෙන ගොස් මියගොස් ඇත.  පොල්අතුමෝදර ගංගාව පිටාර ගැලීම නිසා යක්කලමුල්ල නගරය , උඩුමලගල ඇතුළු පහත්බිම් රැසක්ද ජලයෙන් යටවිය. 

රවීන්ද්‍ර ලියනගේ



Recommended Articles