හැටන් බස් නැවතුමේ හිමිකරුවෙක් නැති ගමන් මල්ලක් නිසා නොසන්සුන්තාවක්


හැටන් ලංගම බස් නැවතුම්පොලේ කොළඹ බස් රථ ගාල් කරන ස්ථානයේ අයිතිකරුවෙකු නොමැති ගමන් මල්ලක් අද (18) දින පස්වරුවේ හමු වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.

ගමන් මල්ල හමුවිමත් සමග එම බස් නැවතුම්පොලේ ගාල් කර තිබු ලංගම බස් රථ සියල්ලම ඉවත් කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගැණින.

හැටන් ලංගම බස් නැවතුම්පොලේ සැකකටයුතු ගමන් මල්ලක් ඇති බවට මගින් කිහිප දෙනෙකු දැක ඒ පිලිබදව හැටන් ලංගම බස් නැවතුම්පොලේ වේලාසටහන්කරු දැනුවත් කිරිමෙන් පසු එම බස් නැවතුම්පොලේ රැදි සිටි මගින්ව ඉවත් කිරිමට පොලිසිය පියවර ගැණින.

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සහයෝගය ඇතිව එම සැකකටයුතු ගමන් මල්ල පරික්ෂා කිරිමෙන් පසු එම ගමන් මල්ල තුල රෙදි කිහිපයක් තිබු බවයි පොලිසිය කියා සිටියේ.

කිසියම් මගියෙකු අමතක විමකින් ගමන් මල්ල අතහැර ගොස් ඇති බවට පොලිසිය සැකකරයි.



Recommended Articles