රටම හඳුනන හසලක ගාමිණි නොහොත් 6 වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් ගාමිණි කුලරත්න රණවිරුවාගේ 30 වන ගුණසැමරුම වෙනුවෙන් කිලිනොච්චිය අලිමංකඩ හසලක ගාමිණි කුලරත්න රණවිරු ස්මාර්කය ඉදිරිපිටදී උත්තමාචාර වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබීය.
ශ්රීලංකා සිංහ රෙජිමේන්තු අධිපති වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බංඩාර මහතාගේ ප්රධානත්වයෙන් 66 වන සේනංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් 57 සහ 51 සේනංකාධිපතිවරුන් සහ 662 බලසේනාධිපති ඇතුලු පරිසක් නිරෝධායන නීතීන් ආරක්ෂා කරමින් හසලක ගාමිණි 30 වන ගුණසැමරුම් අවස්ථාවට සහභාගී වූහ.
1991 වසරේ ජූලි මාසයේ ඊයේ (14) වැනි දිනක ත්රස්තවාදීන් අලිමංකඩ කඳවුරට කඩාවැදුනේ සන්නද්ධ රථයක් ලෙස සකස් කළ බුල්ඩෝසරයක් යොදා ගනිමිනි. බෝම්බ පුරවා තිබූ එම සන්නද්ධ රථය කඳවුර තුළට කඩා වැදුනොත් දහසකට අධික සහෝදර සෙබළුන්ගේ ජීවිත විනාශ වන බව ක්ෂණිකව අවබෝධ කරගත් එම රණවිරුවා සිය පණ නොතකා බෝම්බයක්ද රැගෙන ඒ වෙත කඩා පැන සහෝදර සෙබලුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් සන්නද්ධ රථය පුපුරුවා හළ ගාමිණී අලිමංකඩ කඳවුර සතුරන් අතට පත්වීම වළකා ගත්තේ මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිතය පුද කරමිනි.