රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ.
උගුර කන නාසය වැනි ඉන්ද්‍රියන්ට කුඩා ප්‍රමාණයේ කැමරාවක් යවා පරිගණකයක් ආධාරයෙන් ලබාගන්නා දත්ත මගින් රෝග විනිශ්චය සිදු කරයි.
කාමරයකින් වෙන්වී රෝගියාව දුරස්තව තබා පරීක්ෂා කිරීමට හැකිවීම, වෛද්‍යවරයා කිසිදු ආරක්ෂිත උපාංගයක් නොපැළඳ මෙම පරීක්ෂණය සිදු කිරිමට හැකිවීම ද විශේෂත්වයකි. උගුරෙන් නිකුත් වන කෙල බිදිති, නාසයෙන් නිකුත් වන ශ්‍රාවයන් කිසිවිටෙකත් පරීක්ෂණ සිදුකරන වෛද්‍යවරයා වෙත නොපැමිණේ .
මේ සම්බන්ධව අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා .
“ලංකාවේ තිබෙන වසංගත තත්ත්වය අනුව වෛද්‍යවරුන්ට රෝගය ආසාදනය වීම වීමේ ඇති හැකියාව උපරිම ලෙස තිබෙනවා. මෙවැනි අවස්ථාවක අපි නිරන්තරයෙන් පරීක්ෂා කරන්නේ රෝගීන්ගේ උගුර, කණ, නාසය.පවතින තත්ත්වය හවුවේ අවදානම් බව නිසා මෙවැනි උපකරණයක් නිර්මාණය කිරීමට මම අදහස් කළා. උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂණ කිරීමේදී වර්තමානයේ ඉතා අවදානම් තත්ත්වයක් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට අවවාද කර තියෙන්නෙ හැකි තරම් ලෙඩුන් බැලීම අවම කරන්න කියලා අත්‍යාවශ්‍ය ලෙඩුන් පමණක් පරීක්ෂා කිරීමට කටයුතු කරන්න කියලයි උපදෙස් දී තිබෙන්නේ.
ඒ වගේම සාමාන්‍ය ශල්‍යකර්ම කරන්න එපා කියලා තියෙනවා. ජීවිත අවදානම් පමණක් ලෙඩුන් ගැන අවධානය යොමු කර කටයුතු කරන්න කියා තිබෙන මෙවන් අවස්ථාවක සියලුම ලෙඩුන් පරීක්ෂා කිරීමට හැකි ක්‍රමයක් සම්බන්ධව මා සිතා බලා මෙවැනි උපකරණයක් නිර්මාණය කළා. මට මගේ කාර්යය මණ්ඩලයෙන් ලැබුණේ විශාල සහයක්. මීට වඩා සංකීර්ණ උපකරණයක් නිර්මාණය කිරීමට මගේ අදහසක් තියෙනවා . එහෙත් ඊට අවශ්‍ය උපකරණ පිට රටින් ගෙන්වා ගැනීමට ගැටලුවක් වර්තමානයේ පවතිනවා එවැනි උපකරණයක් නිර්මාණය කළොත් නිවසේ සිටම රෝගීන් පරීක්ෂා කිරීමට හැකි වෙනවා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල් තවමත් මෙවැනි උපකරණයක් නිර්මාණය කර නොමැති බවට මගේ විශ්වාසයයි”.
හලාවත මහ රෝහලේ රෝහල් අධක්ෂක කපිල මල්ලව ආරච්චි මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.