සෞදියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ගැබිනියක් දරුවෙක් ප්‍රසූත කරයි


සෞදිඅරාබියේ සිට පැමිණි පරිසක් අතර යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ඊයේ (02දා) දින නිරෝගිමත් දරුවෙකු බිහිකොට ඇති බව යාපනය රෝහල පවසයි.

පසුගිය මස 7දා සෞදි අරාබියේ සිට පැමිණ ඇති එම කාන්තාවවිඩත්පලෙයි ප්‍රදේශයේ පිහිටි නිරෝධයන කඳවුරක් තුළදී නිරෝධායනය වෙමින් සිටින අතරවාරයේදී දරුවෙකු ලැබීමට ආසන්න වී තිබේ. මේ බව එහි නිලධාරීන් විසින් යාපනය ශික්ෂණ රෝහලේ ගැබිනි මාතෘ අංශයට දැනුම් දී ඇත.

පසුව එහි වෛද්‍යවරුන් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණ එම කාන්තාව රැගෙන ගොස් යාපනය ශික්ෂණ රෝහලේ ගැබිනි වාට්ටුවේ වෙනම ස්ථානයක් වෙන් කොට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් දරුවා බිහිකරවීමට අවස්ථාව උදාකර දී ඇත. මේ වන විට දරුවා සහ මව ඉතා යහපත් තත්වයේ පසුවන බව යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැවසූහ.

 



Recommended Articles