සිසුන්ගේ පැමිණීම සියයට10 ටත් අඩුයි


දෙවන පාසල් වාරය අද (06දා)දින ආරම්භ වූවත් පාසල්වලට සිසුන්ගේ පැමිණීම 5% ත් 10%ත් අතර ප්‍රමාණයක් බව ගුරු සංගම් සඳහන් කරති.

ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම 80% ඉක්මවා තිබූ බවත්, එහෙත් ඇදිරි නීතිය පනවා තිබූ මීගමුව ප්‍රදේශයේ ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම ඉතාමත් සුළු වශයෙන් සිදුවී තිබෙන බව ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.

පළමු වසරේ සිට පහ වසර දක්වා පාසල් පැවැත්වීමට කටයුතු නොකළත් එම පන්තිවල ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට නිවාඩු ලබාදී නොමැති නිසා එම පිරිස් පාසල තුළ කාර්යභාරයක් නොමැති පිරිසක් බවට පත්ව සිටින බවද එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

නගර ආශ්‍රිත පාසල්වල සිසුන්ගේ පැමිණීම 5%ට අඩු අගයක්  ගෙන තිබෙන බවද ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳව පාලකයින් දෙමාවුපියන්ට සහතිකයක් ලබා නොදීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඡායාරූප - ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන්ගෙන්



Recommended Articles