මේ මස 18 වැනි දින ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එහි ප්‍රවේශ මාර්ග තුන සැකසෙන ආකාරය ඇතුළත් දළ සැලැස්මක් ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යංශය මගින් මාධ්‍යයට මුදාහැර තිබේ.
ඒ අනුව ඩී.එස්. සේනානායක විදිය ඔස්සේ පැමිණ මහ මළුවෙන් දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වන ආකාරයටද රතු බෝක්කු හන්දියේ සිට මල්වතු මහා විහාරය දෙසින් (සංඟරාජ මාවත) පැමිණ බෝට්ටු සේවය ඉදිරිපිටින් මහමළුවට ඇතුළුවන ආකාරයට ද රතු බෝක්කු හන්දියේ සිට වැව රවුමේ අනෙක් පසින් පැමිණ ශ්‍රී දළදා මාලිගාවේ නැගෙනහිර ප්‍රධාන වාහල්ඩින් ඇතුළුවන ආකාරයට එම සැලැස්ම ඉදිරිපත් කොට තිබේ.