සාර්ථක හමුදාවක් බිහි කිරීමට විනයක්, පුහුණුවක් හා දැනුමක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මේ සියලු කාරණා මේ වන විටත් ඉටු කරමින් සිටින බව ද පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාර පිරිනැමුණු අතර ජනාධිපති වර්ණ ධජ හා විශ්වවිද්‍යාල වර්ණ ධජ සඳහා සර්ව ආගමික ආශිර්වාදයක් ද පැවැත්විණි.
ශ්‍රීමත් ජෝන් කොතලාවල වළව්වේ පිහිටි කෞතුකාගාරය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් තැබීය. ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.
“අද ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දෙස් විදෙස්හි විශාල කීර්තියකට ලක්ව තිබෙනවා. ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ලෙස ඔබේ හැකියාව පෙන්වා තිබෙනවා. ත්‍රස්තවාදය අවසාන කාලයේ සටන් කළ නිලධාරින් ගණනාවක් මේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ අයයි. එසේ නම් මෙම විශ්වවිද්‍යාලය ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම දක්ෂ නිලධාරීන් අපේ ත්‍රිවිධ හමුදාවට එක් කරන්න කියලා මම කියන්න කැමැතියි.
රටකට මෙහෙම විශ්වවිද්‍යාලයක් අවශ්‍යයයි. අපි මෙය ආරම්භ කරද්දි රටවල් ගණනාවක ආරක්ෂක විශ්වවිද්‍යාලය තිබුනේ නැහැ. මම මේ විශ්වවිද්‍යාලයේ තිබෙන විෂය මාලා පිළිබඳ විවිධ අවස්ථාවල සොයා බලා තිබෙනවා. ඒවා හොඳ විෂයයන්. ඒ වගේම හොඳ කථිකාචර්යවරු මෙතන ඉන්නවා. මේක සැගවුණ විශ්වවිද්‍යාලයක්. මේකේ තිබෙන වටිනාකම හුගක් අය දන්නේ නැහැ. නමුත් මේ විශ්වවිද්‍යාලය සීමා කරලා තිබෙන්නේ හමුදාවට පමණක් නෙවෙයි. මෙහි සිවිල් ශිෂ්‍යයන් බඳවගෙන තිබෙනවා. ඒක හොඳ වැඩක්. එමඟින් බොහෝ දෙනෙක්ට අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ නිසා මෙම විශ්වවිද්‍යාලය ගැන කරන විවේචනවලට මම එකඟ වෙන්නේ නැහැ.
හමුදාවක් ගෙනියනව නම් ඒ හමුදාව රඳා පවතින්නේ එහි නායකත්වය මතයි. ඒ වගේම එම හමුදාවට විනය අවශ්‍යයයි. විනයක් නැතිව හමුදාවක් ගෙනියන්න බැහැ. විනයක් සමග තමයි හමුදාව ඉදිරියට ගෙන යා හැක්කේ. ඒ වගේම විනයෙන් පමණක් හමුදාව ගෙනියන්නත් බැහැ. විනය සමග පුහුණුව අවශ්‍යයි. දෙකම එකට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් විනයයි, පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඒ හමුදාවට දැනුම තිබිය යුතුයි. යුද දැනුම වගේම භූමිය පිළිබඳවත් දැනුම තිබිය යුතුයි. ඒ දැනුම සමග තමයි සාර්ථක වෙන්නේ.
මෙතන සිටින නායකයන්ට විනයත්, පුහුණුවත්, දැනුමත් ලබා දෙනවා. එතැනින් හමුදාව තම තමන් අයිති බලඇණිවලට, අනෙක් අංශවලට නායකත්වය ලබා දෙනවා. සමහරු හමුදාපතිවරු බවට පත් වෙයි. අනෙක් අය මේ උපාධිය සමග විවිධ අංශවලට ගිහිල්ලා සේවය කරයි. ඒ දැනුම ලබා ගන්නේ පොත පතින් පමණක් නෙවේ, දැනුම ලබා ගන්න ක්‍රීඩාව අවශ්‍යයි, දැනුමක් ලබා ගන්න යුද පුහුණුවක් අවශ්‍යයි. ඒ සියල්ල මෙහිදී ලබා දී තිබෙනවා.
එම පුහුණුව ලබාදීමට මේ විශ්වවිද්‍යාලය පමණක් නෙවෙයි, මාණ්ඩලික නිලධාරීන්ගේ විද්‍යාලයක් ඇති කරලා තිබෙනවා. ඒ සියල්ල අපේ ආරක්ෂක අධ්‍යාපනයට අවශ්‍ය ආයතන. ඒ ආයතන සියල්ල අප ආරක්ෂා කරගත යුතුයි. මොකද අපි දන්න, අපි දැක්ක යුද්ධය නෙවේ අනාගතයේ තිබෙන්නේ, ලෝකය වෙනස් වෙනවා. නව තාක්ෂණය, නව දැනුම එනවා. විශේෂයෙන්ම යුද්ධය ගොඩබිමට, ගුවනට, මුහුදට සීමා වෙලා නැහැ. සයිබර් තාක්ෂණයත් එනවා.
ඒ වගේම හමුදාවක් කටයුතු කරද්දි දේශගුණික විපර්යාසති සැලකිල්ලට ගත යුතු වෙනවා. මේ දැනුම තමයි ඔබට අවශ්‍යය. ඒ නිසා අද මෙම වර්ණ ලබන ඔබ සියලු දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා.”