රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් - V " එන්නත් මාත්‍රා 50,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙම එන්නත් තොගය රුසියාවේ ගැමලෙයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙනැවිත් , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින අලුයම 12.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
මෙම එන්නත් තොගය පසුව කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ , ආනයන අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .
ඉන්පසුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , එම සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .
කටුනායක ටී.කේ.ජී.කපිල