සහල් ටොන් 3057ක් සත්ත්ව ආහාර නිෂ්පාදනයට ගත් ආයතනයක් වටලයි


කුරුණෑගල කිනගස්පිටිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතනයක ආනයනික සහල් භාවිතා කිරීම සම්බන්ධව වැටලීමක් සිදු කර ඇති අතර එහිදී කිලෝ ග්‍රෑම් 25/50 KG අසුරණ මළු වල සහල් මෙට්‍රික් ටොන් 3057 ක තොගයක් නිළධාරීන් භාරයට ගෙන ඇත. 

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සහල් සත්ත්ව ආහාර සදහා භාවිතා කිරීම තහනම් කරමින් 2022.06.24 දින ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව සත්ත්ව ආහාර සදහා සහල් භාවිතා කරනු ලබන ආයතන සම්බන්ධව ඊයේ දිනයේ එනම් 2022.07.30 දින සිට විශේෂ වැටලීම් විමර්ශන වැඩසටහනක් ආරම්භ කර ඇත. 

නිෂ්පාදන කළමණාකරුගේ තොරතුරු අනුව කිලෝග්‍රෑම් 25 මළු 125ක ප්‍රමාණයක් ලොරි රථ තුළද තිබී ඇත. කුරුණෑගල පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සහල් සත්ත්ව ආහාර සඳහා යොදාගැනීම පිණිස ගබඩා කොට තැබීම යන චෝදනාව යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත 2022-08-05 දින ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාල විමර් ශන කටයුතු 2022-07-31 (අද) දින ප.ව 3.10 පමණ අවසන් කර ඇත.

සහල් සත්ත්ව ආහාර සදහා භාවිතා නොකරන ලෙසත්,සහල් ඒ සදහා සැපයීම සිදු නොකරන ලෙසත් තවදුරටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙළෙදුන්ගෙන්  ඉල්ලා සිටී.



Recommended Articles