සමනල වැවේ කෘෂිකාර්මයට ජලය දෙන දොරටු විවෘත කරයි


ජල  මට්ටම ඉහළ යාම නිසා සමනලවැව ජලාශයේ කෘෂිකර්මික කටයුතු වලට ජලය සැපයෙන කෘෂිකාර්මික දොරටු පමණක් අද 23 දින පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැවසීය.

 මුහුදු මට්ටමේ සිට ජලාශය උස මීටර් 460 කි.  කෘෂි කාර්මික දොරටු විවෘත කිරීමට පෙර කල්තොට ගොවි ජනපදව්‍යාපාරයේ ජනතාව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් ද දැනුවත් කිරීමට පියවර ගත් බවද කියයි.

සමනල ඉතිහාසයේ එම ජල කරාම විවෘත කර ඇත්තේ දෙවරක් පමණක් බවද මීට පෙර විවෘත කර ඇත්තේ 2006 නොවැම්බර් 26 දින බව ද කියැවේ.  සමනල වැව වාන් දොරටු විවෘත කිරීම සිදුවන බවට පැතිර ගිය කටකතාව හේතුවෙන් එය නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ.

හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර

 



Recommended Articles