සජබ මන්ත්‍රීවරුන් දෙවන දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි


පාර්ලිමේන්තු සභා ගර්භය තුල රජය ක්‍රියාත්මක කිරීමට උත්සහ දරණ ම්ලේච්ඡත්වයට , භීෂණයට, මැර දේශපාලනයට මෙන්ම තර්ජනයට වහාම නැවතීමේ ලකුණ තැබීමට  කථානායකවරයා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දෙවන දිනය සඳහා පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට අද (07දා) සංවිධානය කර තිබු විරෝධතාවයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර පකිස්ථානයේ ම්ලේච්ඡයින් පිරිසක් අහිංසක පුද්ගලයෙක් ඝාතනය කළ න්‍යාය මෙරට පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කටයුතු කිරීමට උත්සහ කරන බව එම අවද්ථාවට සහභාගී වූ සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - පාර්ලිමේන්තුව තුල සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රජයේ දුර්වලතාවයන්, අඩුපාඩු, දූෂණ වංචා, හොරකම, අකාර්යක්ෂමතාව පෙන්වලා දෙනකොට රජයේ මන්ත්‍රීවරු කොට්ඨාසයක් භීෂණය, ප්‍රචන්ඩත්වට ම්ලේච්ඡත්වය දියත් කරන්න කටයුතු කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ ආරක්ෂාව සහ වගකීම භාරව සිටින්නේ කථානායකවරයා. කථානායනවරයා මේ ප්‍රචන්ඩත්වට, භීෂණය තීන්දුවක් ගන්නට බැරිව කමිටු පත්කරමින් සිටිනයා. අද අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ කමිටු දේශපාලනය කිරීම නොව, මැර, ම්ලේච්ඡ, මැර දේශපාලනය සභාව තුල ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න රජයේ මැති ඇමතිවරුන්ට විරුද්ධව පියවර ගන්න ඔ්නී. කථානායකවරයාට පියවර ගන්නට කොන්දක් තිබෙන්න ඔ්නී. ඒ නිසා නැවත වතාවක් අපි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා සභා ගර්භය තුල රජය ක්‍රියාත්මක කිරීමට උත්සහදරණ ම්ලේච්ඡත්වයට , භීෂණයට, මැර දේශපාලනයට , තර්ජනයට වහාම නැවතීමේ ලකුණ තබන්න ඔබතුමා කටයුතු කරන්න ඔ්නී.

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - රජයේ මැති ඇමතිවරු සමහර වෙලාවට වයෝවෘද අය පවා ඇගේ හයිය පෙන්වන්න හදනවා පාර්ලිමේන්තුවේ. බය කරන්න හදනවා. තර්ජනය කරනවා. මේවා අපි අනුමත කරන්නේ නෑ. අපි මේවා දකින්නේ ඉතාම ම්ලේච්ච ක්‍රියාවන් හැටියට. පකිස්ථානයේ ම්ලේච්ඡයින් පිරිසක් අහිංසක පුද්ගලයෙක් ඝාතනය කළ න්‍යායේ ඉදගෙන පාර්ලිමේන්තුව ඇතුලේ මැති ඇමතිවරු කටයුතු කරන්න හදනවා. ඉතින් අපි ඒකට සංඛේතාත්තමක විරෝධතාවයක් දැක්වීමට තමයි අපි මේ විදියට පාර්ලිමේන්තුව වර්ජනය කළේ. 



Recommended Articles