සංවර්ධනය රටේ ජනතාවට මිස දේශපාලනඥයන්ගේ සාක්කුවලට නොවෙයි


වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයන්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ දින තුනක් තුළ ජනතා අයිතියට පැවරෙන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 60 ක් පමණ අද දින ජනගත කෙරුණු අතර, දෙමහල් වෙළෙඳ සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා පරිවර්තනය තුළින් මේ රටේ පොඩි මිනිසුන් අපේක්ෂා කළ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීමේ යෝධ වැඩපිළිවෙළ රජය දැන් කි‍්‍රයාවට නංවමින් සිටින බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ, නිදහස් සමාජයක සතුටින් ජීවත්වීමට මේ රටේ ජනතාව 2015 ජනවාරි 08 වනදා පරිවර්තනය තුළින් තැබූ විශ්වාසය එලෙසම ඉටුකිරීමට දිවි හිමියෙන් කැපවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

දූෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ අයෙකු ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙළේ දී කිසිදු අක‍්‍රමිකතාවයකට ඉඩ තබා නොමැති බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ජනතාවගේ සම්පත් ජනතාවගේම සුබසාධනය සඳහා යෙදවීම ප‍්‍රතිපත්තියක් කොට සලකන බව ද කියා සිටියේය.

පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ කඩකාමර 24 කින් යුත් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ අලංකාරවත් සහ අංගසම්පූර්ණ ලෙස ඉදිකර තිබේ.
වෙළෙද සංකීර්ණය සහිත නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර අඩු ආදායම්ලාභීන් සඳහා ඉදිකළ නිවාස 10 ක යතුරු ප‍්‍රදානය කිරීමට ද එක් විය.

සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරුණු මැදිරිගිරිය බස් නැවතුම්පොළ ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
ඉන් අනතුරුව මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප‍්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්විය. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. රුපියල් මිලියන 2208 ක වටිනාකමකින් යුත් පන්ති කාමර 12 ක තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම, කි‍්‍රඩාපිටිය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 32 ක් ලබාදීම ඇතුළු විද්‍යාලයේ අඩු පාඩුකම් රැසක් සම්පූර්ණ කිරීමට පිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට පියවර ගෙන තිබෙන අතර ඒ පිළිබඳ සිසු දරුවන්ගේ ප‍්‍රණාමය මෙහිදී ජනාධිපතිවරයා වෙත පුද කෙරිණි.

මැදිරිගිරිය වාරි කළමනාකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව සදහා ජනාධිපතිවරයා සහභාගී වූයේ ඉන් අනතුරුවයි.

හිඟුරක්ගොඩ දිස්ති‍්‍රක් රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරාදීම ද අද ජනාධිපතිවරයා අතින් සිදුවිය. රුපියල් මිලියන 7. 1 ක වියදමින් ඉදිකෙරුණු වකුගඩු රෝග ප‍්‍රතිකාර හා සායන ගොඩනැගිල්ල, රුපියල් මිලියන 36 ක වියදමින් ඉදිකෙරුණු විකිරණ හා සංඛයා ලේඛන ඒකක ගොඩනැගිල්ල, රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකෙරුණු දන්ත සායනය හා ශෛල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීම සහ රුපියල් මිලියන 104 ක වියදමින් ඉදිකළ වෛද්‍ය නිලධාරි නිවාස සංකීර්ණය විවෘත කිරීම ඒ අනුව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.‍ෙ

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ වැඩ නිම කළ තවත් සංවර්ධන ව්‍යාපෘති 60 කට ආසන්න ප‍්‍රමාණයක් ජනගත කිරීම අද දිනය පුරා සිදු විය. හෙට දිනයේ තවත් ව්‍යාපෘති 60 ක් සහ අනිද්දා දිනයේ දී තවත් ව්‍යාපෘති 60 ක් ජනගත කිරීමට නියමිතව තිබේ.

 

 

 

 

 

 



Recommended Articles