ශීතාගාර සහිත පළමු ත්‍රිරෝද රථය හඳුන්වා දෙයි


මාළු, කිරි සහ එළවළු ඇතුළු නිෂ්පාදන ප්‍රවාහනයට ශීතාගාර පහසුකම් වලින් සමන්විත පළමු ත්‍රිරෝද රථය හඳුන්වා දෙයි. පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා විශේෂයෙන් මෙම ත්‍රිරෝද රථය නිෂ්පාදනය කර ඇත. මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම ත්‍රිරෝද රථයේ ශීතාගාර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ. මේ නිසා විදුලිය වෙනුවෙන් වැය වන විශාල මුදලක් ඉතිරි කරගත හැකිය.

 ඊට අමතරව මෙම ත්‍රිරෝද රථයෙන් එකවර කිරි ලීටර් දහසක් (1000/-) හෝ මස්, එළවළු, මාළු වැනි නිෂ්පාදන එකවර කිලෝග්‍රෑම් 300ක් රැගෙන යාමේ පහසුකම් වලින් සමන්විතය.

 අයහපත් කාලගුණය පවතින, සූර්ය බලය නිසි ලෙස නොලැබෙන දිනවලට ශීතාගාර පහසුකම් ලබාගැනීම සඳහා අඛණ්ඩ බලශක්තිය ලබාගැනීමේ පහසුකම් වලින් මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී විදුලි බලයෙන් බැටරිය ආරෝපණය (චාර්ජ්) කරගැනීමේ පහසුකම් වලින්ද සමන්විතය. පරිසර හිතකාමී මෙම ත්‍රිරෝද රථය උපරිම ධාරිතාවක් සහිතව පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කළ හැකිය.

 



Recommended Articles