ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.
කෞතුකාගාරය නැරඹිමේ පළමු ප්‍රවේශපත්‍රය ද ජනාධිපතිවරයා විසින් මිලදී ගැනීමට කටයුතු කළේය. එසේම පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගත් පාසල් දැරියක් වෙත එම සාමාජික කාඩ් පත නිකුත් කිරීම ද ජනාධිපති අතින් සිදු විය.
ඉන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනපතිවරයා පසුව කෞතුකාගාරය නැරඹීමටද එක්විය.