ශ්‍රී ලංකාවේ චීන තානාපති විපක්ෂනායක හමුවෙයි


ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (20දා) පෙරවරුවේදී කොළඹ පිහිටි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විපක්ෂනායකවරයා හමුවිය.

පසුගිය සති අන්තයේ පැවැති ශ්‍රී ලංකාවේ ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ගත් ජයග්‍රහණය පිළිබඳව මෙහිදී විපක්ෂනායකවරයාට සුබ පැතුම් එක්කළ බව විපක්ෂනායකවරයා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදි සාකච්ඡා කළ බවද විපක්ෂනායකවරයා වැඩිදුරටත් පවසයි.



Recommended Articles