වෝඩ් පාර පැය තුනක් අවහිරයි


රජරට හා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පවතින පරිපාලන ගැටලු හා ශිෂ්‍ය මර්දනය නවතා දමන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද (31දා) විරෝදතා ව්‍යාපාරයක නිරතවිය.

වෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.

මෙහිදී අගුලුලා තිබූ විශ්වවිද්‍යාල කොමිසමේ ප්‍රධාන දොරටුවේ අගුල කඩා දමා එය විවෘත කිරීමටත් ශිෂ්‍යයන් කටයුතු කළේය.

ගැටලු විසඳන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමටද ශිෂ්‍යයන් මෙහිදී කටයුතු කළේය.

ඉන්දික හේවාවිතාරණ/ ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles