විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු අඩු කරන්නැයි විරෝධයක්


ඉහළ දමා තිබෙන විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු වහාම පහත දැමිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා ඒකාබද්ධ වී ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව සිදු කරන බවත් විවෘත විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි. 

විවෘත විශ්වවිද්‍යාලය තුළ සිදු කරන ශිෂ්‍ය මර්දනය නවතා දමන ලෙස, ඉහළ දැමූ පාඨමාලා ගාස්තු පහත දමන ලෙස, පාඨමාලාවල  ප්‍රමිතිය බාල කිරීමට ගන්නා උත්සාහය නවතා දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට පාගමනින් පැමිණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ අතර, පසුව ඔවුහු රැගෙන ආ මිනීපෙට්ටිය සහ මල්වඩම ප්‍රතිපාදන කොමිසම් භූමියට විසි කර දැමීමට කටයුතු කළහ.

ඡායාරූප ශමිර රාජපක්ෂ



Recommended Articles