වියට්නාම - ලංකා සෘජු ගුවන් ගමන් ඇරඹීමට අවධානය


ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට දෙරටේ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ. ලෝක ආර්ථික සමුළුවට එක්වීම සඳහා වියට්නාමයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා වියට්නාම අග්‍රාමාත්‍ය වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා අතර අද පැවැති හමුවේදී මේ පිළිබඳව අවධානය යොමුව ඇත.

වියට්නාම සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්‍ෂාවෙන් පසුවන බවද වියට්නාම අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ වෙනුවෙන් සියළු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා දෙරට අතර වීසා රෙගුලාසි තව දුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා ළඟදීම ආරම්භ කෙරෙනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

 



Recommended Articles