විමලසුරේන්ද්‍ර බලාගාරය වාන් දමයි


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබේ.

කාසල්රි හා විමසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඊයේ (13දා) පස්වරුවේ සිට විමසුරේන්ද්‍ර ජලාශය වාන් දමන බව නෝටන්බ්‍රිජ් පොලීසිය කියා සිටී.

පවතින අධික වර්ෂාවත්  සමග කාසල්රි හා මවුස්සාකැලේ ජලාශවලද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති අතර, එම ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමගම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල් පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බව විදුලි බල මණ්ඩලය පැවසීය.

 



Recommended Articles