විදේශීය සංචාරකයින් පැමිණෙයි


වානිජ ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව විවෘත කිරීමෙන් පසුව පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙකු ඊයේ (21දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ශ්‍රී ලංකා  සංචාරක මණ්ඩලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

මෙම පිරිස 01/21 දින රාත්‍රී 10.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම නෙදර්ලන්ත ජාතික සංචාරකයන් පිරිස අතර  කුඩා ළමුන් 05 දෙනෙකු සහ ඔවුන්ගේ වැඩිහිටි දෙමාපියන් 05 දෙනෙකු සිටියහ.

ඔවුන් බෙන්තොට බීච් හෝටලයේ නවාතැන් ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ඊයේ රාත්‍රීයේම පිටත්ව ගොස් තිබුණි.

මීට අමතරව තවත් ජර්මන් ජාතික සංචාරකයන් 05 දෙනෙකු 01/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් ශ්‍රී ලංකාව යළි විදේශීය සංචාරකයන් සදහා විවෘත බව පිළිබඳව වාර්තාකරණය පැමිණි මාධ්‍යවේදීන් පිරිසකි.

ඔවුන් 01/22 දින අලුයම 1.35 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම මාධ්‍යවේදීන් පිරිස ද 01/22 අලුයම නවාතැන් ගැනීම සදහා බෙන්තොට බීච් හෝටලය වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.



Recommended Articles