තන්තිරිමලය කලුවිල ප්‍රදේශය පුද්ගලයකු තම බෝග වගා වටා ඇද තිබූ විදුලි වැටක වැදී, විදුලි සැර වැදී අද ( 23දා) දළ ඇතකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් මේ වගාව පවත්වා ගෙන ගිය තන්තිරිමලේ කළුවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
විදුලි සැර වැදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන අඩි නමයක් පමණ උස ඇතෙකු බව වනජීවී අංශ පවසයි.
මෙම දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර වන ජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි.
මෙම ඇතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ගොවියා ඔහුට අයත් අඹ සහ උු වගාව වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම විදුලි වැට සකස් කර තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.
කාලයක සිට තන්තිරිමලේ කලුවිල ප්‍රදේශය ඇතුළු ගම්මාන රැසක සැරි සැරූ මෙම ඇතා ප්‍රදේශයේ බෝග වගා රැසක් විනාශ කර දමමින් ජනතාව භීතියට පත් කරමින් සිටි බවද ගම්වාසීහු පැවසූහ.4