අද හෙට අනිද්දා පැය 3යි
විනාඩි 20ක් විදුලිය කැපෙයි
එච්.අයි. තුෂාර
විදුලි ජනනය සඳහා ප්රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (28දා) සිට අනිද්දා (30දා) දක්වා දිනකට පැය 03යි විනාඩි 20 බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත.
මේ අනුව ‘A සිට W දක්වා කලාපවලට පෙ.ව. 09.00 සිට ප.ව. 05.00 දක්වා කාලයේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.
මීට අමතරව එම කලාපවලට ප.ව. 05.00 සිට ප.ව. 09.00 දක්වා කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය කප්පාදු කෙරෙයි.
කොළඹ නගරයේ වාණිජ කලාපවලට පෙ.ව. 06.00 සිට පෙ.ව. 09.00 දක්වා පැය 03ක් පමණක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.