දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන විද්‍යාත්මක ප්රකාශනයන් සදහා වූ ජනාධිපති සම්මාන උළෙල” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.
2017 වර්ෂය ඇතුළත වෛද්‍ය, කෘෂිකාර්මික සහ ඉංජිනේරුමය ක්ෂේත්‍ර යටතේ උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් 240කට අධික පිරිසක් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
ජාතික පර්යේෂණ සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ දොළොස්වන වරටය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා, ජාතික පර්යේෂණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනි මනීෂා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහ විද්‍යාඥයන්, පර්යේෂකයන්, තාක්ෂණඥයන් ඇතුළු විද්වත් පිරිසක් මීට එක්ව සිටියහ.