මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලය තුලදි ඇහ හැලෙන වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.
මධ්‍යම කදුකරයේ ජල විදුලි බලාගාර කිපයකට ජලය සැපයෙන කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන් සදහා මේ වන විට සවස් කාලය තුලදි දැඩි වර්ෂාවක් පවතින බවත් එම තත්වයන් මත මේ වන විට මෙම ජලාශයේ පැවති ජල මට්ටම අඩි තුනකින් පමන ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා පැවසිය.
මෙම ජලාශයට එක් රෝක්වන ජලය මේ වන විට ජල විදුලිය නිපදවන ජල විදුලි බලාගාර සදහා අඛණ්ඩව බේදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්/රංජිත් රාජපක්ෂ