දින කිහිපක තිස්සේ සවස් කාලයේ ඇදහැලෙන අධීක වර්ෂාව හේතුවෙන් වැලිමඩ එළවළු වගා බිම් රැසක් ජලයට යට වීම නිසා අස්වනු විනාශ වි ඇතැයි ගොවිහු පවසති.
සවස 2 න් පමණ පසුව දින කිහිපයක් අධික වර්ෂාව ඇද හැලෙන අතර මේ හේතුවෙන් වගා බිම් ජලයට යට වීම නිසා හානි සිදුව ඇති බව ගොවින් පවසයි.
වැලිමඩ කැප්පෙටිපොල හබරගල ප්‍රදේශයට ඇද හැළුනු අධීක වර්ෂාවත් සමග ඉහල ප්‍රදේශවල සිට ගලා ආ ජලයෙන් කැරට් , ගෝවා, බීට් , ලීක්ස් ආදී වගාවන් විනාශ වී ඇතැයි ගොවින් පවසයි.
තවද මෙලෙස වැසි ජලය ගලා ඒමත් සමග වැලි සහ ගල් වලින් වගා බිම් පිරී පැවතීම නිසා තමන්ට නැවත වගාවට සුදුසු ආකාරයකට වගා බිම් සකසා ගැනීමටද විශාල පරිශ්‍රමයක් දැරිමට සිදුව ඇති ඔවුහු පවසති.
එම නිසා සිදුව ඇති වගා හානිය පිළිබඳව සොයා බලා තමන්ට යම් සහනයක් ලබා දෙන මෙන් ගොවින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
වැලිමඩ කුමාරගේ