වැලිකන්ද සිවිල් ආරක්ෂක බළකාය මුඛ ආවරණ හදයි


ආර්ථික අගහිග කම් මත මුඛ ආවරණ ලබා ගැනිමට නොහැකි වැලිකන්ද ප‍්‍රදේශයේ පවුල් 1500 කට පමණ අවශ්‍ය මුඛ ආවරණ මසා නිවෙස් වලටම ගොස් ලබා දිමේ වැඩ සටහනක් 28 වෙනිදා දහවල් පොළොන්නරුව වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානය මගින් ආරම්භ කර ඇත.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද පිරිස් මහතාගේ උපදෙස් මත එම බලකායේ පොළොන්නරුව කලාප භාර අනදෙන නිලධාරි මේජර් දිනෙෂ් කුමාර මහතාගේ අධික්ෂණය යටතේ අවශ්‍ය මුඛ ආවරණ මසා අද දිනයේම ගම්මානවල නිවෙස්කරා ගොස් එම මුඛ ආවරණ පැලදිම සිදු කෙරිණි.

මනම්පිටිය නිමල් ජයරත්න

 



Recommended Articles