වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අද (11දා) දින ආරම්භ කෙරිණි.
රුපියල් 60ක ප්‍රවේශපත්‍රයක් මිලදී ගනිමින් අඩු කාලසීමාවක් ඇතුළතදී තම ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට මෙහිදී ජනතාවට හැකියාව ලැබේ.
මේ වනවිට මෙම සේවය සඳහා බෝට්ටු හතරක් යොදා ඇති බවත්, ඉතා ඉක්මනින් බෝට්ටු ප්‍රමාණය වැඩි කරමින් මගී ජනතාවට පහසුකම් සලසාදීමට කටයුතු සිදුකරන බවත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, විශ්‍රාමික ජනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පැවසීය.
මේ බෝට්ටු රථ ධාවනය කිරීම සඳහා නාවික හමුදාවේ පළපුරුදු විශ්‍රාමික නාවික නිලධාරීන් යොදවාගන්නා බවත්, මගීන්ගේ උපරිම ආරක්ෂාව සඳහා කටයුතු සැලකිලිමත්ව ක්‍රියාකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඡයාරූප සහ වීඩියෝ - ඒෂාන් ප්‍රනාන්දු