වැඩිහිටියන්ගේ ආකල්ප වෙනසක් ඕනෑ


ළමා හිංසන සහ අපයෝජන වැළැක්වීම සඳහා ආකල්පමය වෙනසක් වැඩිහිටි පරපුර තුළද සිදුකළ යුතු යැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියේ අරලිය ගහ මන්දිරයේදී අද (01දා) පෙරවරුවේ පැවැති ලෝක ළමා දින ජාතික උත්සවය අමතමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ලෝක ළමා දින සමරු මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීමද සිදු විය. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩබ්.ඒ. කවීෂා කේමිනී සිසුවිය විසින් මෙම මුද්දරයේ චිත්‍රය නිර්මාණය කර තිබේ.

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ



Recommended Articles