ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුලු ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා වූ අවබෝධතා ගිවිසුම් චීන සමාගම් දෙකක් සමඟ අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ස්වාධීන වාණිජ මණ්ඩලය අද (09දා) පස්වරුවේ කටයුතු කරන ලදි.
ඒ අනුව චීනයේ සිචුඅන් යැං ට්‍රේඩින් සමාගම හා උපාය මාර්ගික සහයෝගිතා ගිවිසුමක්ද එසේම චීනයේ මියැංයැං එන්ටර්ප්‍රයිසස් වාණිජ සංගමය හා තවත් අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තැබිණි.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙම අවස්ථාව නව රජය බලයට පත්විමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ඉහළ මට්ටමේ චීන ව්‍යාපාරික හමුව ලෙස සටහන් විය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු