බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලෙන් අද (25දා) පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණි වෑන් රථයක ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් තිබී පොලීසිය විසින් එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෑන් රථය ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටියදී ඒ පිළිබඳ ඉන්ධන හල් කළමනාකරුට සැකසිතී පොලිසිය සමග කළ පරික්ෂාවේදී ලිටර් 20 ක ධාරිතාවකින් ව්‍යාජව සකස් කළ ටැංකියක් සොයාගෙන තිබේ.
ඉන්ධනහලේ එම අවස්ථාවේ රාජකාරිය නියුතුව සිටි බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතා එම වාහනය ඉන්ධනහලට රැගෙන ආ රියදුරා එම වාහනය සමග අත්අඩංගුවට ගැනීමට කළේය.
පසුව දීර්ඝ ලෙස එම සැකකාර රියදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී මීට ඉහත දින කීපයක සිට මෙම රථය ඉන්ධනහල් කීපයකින් ඉන්ධන ලබාගෙන ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම කුඩා වර්ගයේ වෑන් රථයට ඉන්ධන ගබඩා කළ යුත්තේ ඉදිරිපස බොනට්ටුව විවෘත කිරීමෙන් අනතුරුව ඉදිරිපසින් බවත් එය විවෘත කිරීමෙන් අනතුරුව ව්‍යාජ ඉන්ධන ටැංකිය ආවරණය කිරීමට කළු පැහැති ආවරණයක් සැක නොසිතන ලෙස වසා තිබූ බවයි පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා බේරුවල පත්ත කඩේ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ඔහු දින(26) දින කළුතර අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීවේය.