වසරේ ගතවූ කාලයේදී බිලියන 5.1 ක හෙරොයින් අත්අඩංගුවට


මේ වසරේ ගතවූ කාලසීමාවේදී පොලීසිය විසින් රුපියල් මිලියන 5166 ක වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම කාලය තුළ අත්අඩංගුවට පත්  හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 430 ග්‍රෑම් 507ක්  වන අතර සැකකරුවන් සංඛාව 37,304කි.

 2008 වසරේ සිට මේ වසරේ නොවැම්බර් මාසය දක්වා වූ වසර 10ක කාලය තුළදී විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට පුද්ගලයන් 96 දෙනෙකුට මරණ දඬුවම නියම වී තිබෙන අතර එම පිරිසෙන් 08 දෙනෙක් කාන්තාවෝ වෙති. එම කාලය තුළදී පුද්ගලයන් 275 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවී තිබෙන අතර එම පිරිසෙන් 34ක් කාන්තාවෝ  වෙති.

අද දිනයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 431 ඡායාරූප 

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

 



Recommended Articles