මඩකලපුව කෝට්ඨාසයේ වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධකය රජකාරියේ යෙදී සිටී පොලිස් කෝස්තාපල්වරුන් දෙදෙනෙකු එම මාර්ග බාධකය අසලදී මිය ගොස් සිටියදී අද උදෑසන 06.00ට පමණ ඔවුන්ගේ මෘත ශරිර සොයාගෙන ඇත.
මෙසේ මිය ගොස් ඇක්තේ වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික (35) සහ ගනේෂ් දිනේෂ් (28) යන තැනැත්තන්ය.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මේ පිළිබඳව පොලිස්පතිතුමාගේ නියේග මත මඩකලපුව කෝට්ඨාස භාර පොලිස් අධිකාරි තුමාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර ඇත.