බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බදුලු ඔය පිටාර ගැලීමෙන් සහ සිදු වූ ආපදා වලින් පුද්ගලයකු මියගොස් පවුල් 477ක පුද්ගලයන් 1912ක් විපතට පත්ව නිවාස 369කට අලාභහානි විණැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරනගම මහත්මිය අද (31) පැවසුවාය .
බදුල්ල , හාලිඇල , ඇල්ල සහ වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම ආපදා තත්ත්වය බලපෑ බවත් ,බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 287ක පුද්ගලයන් 1110ක් , ඇල්ල කොට්ඨාසයේ පවුල් 115ක පුද්ගලයන් 475ක්, හාලිඇල කොට්ඨාසයේ පවුල් 72ක පුද්ගලයන් 311ක් සහ වැලිමඩ කොට්ඨාසයේ පවුල් 3ක පුද්ගලයන් 16ක් මෙසේ විපතට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරිය කීවාය .
මීට අමතරව වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් නිවසකට අර්ධ හානි වී ,නිවාස 2ට සුලු හානි වී ඇති අතර , ඇල්ල කොට්ඨාසයේ නිවස 2කට පූර්ණ හානි වී , නිවාස 32 කට අර්ධ හානි වී නිවාස 12 කට සුලු හානිවී ව්‍යාපාරික ස්ථාන 3කට හානි වී ඇති අතර ,හාලිඇල කොට්ඨාසයේ නිවාස 41කට අර්ධ හානි වී නිවාස 9කට සුලු හානි වී ,ව්‍යාපාරික ස්ථාන 4කට හානි වී ඇති බවත් , බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 20කට අර්ධ හානි වී නිවාස 240කට සුලු හානි වී ව්‍යාපාරික ස්ථාන 3 කට හානි වී ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරනගම මහත්මිය සදහන් කළාය .
මේ අතර බදුල්ල , හාලිඇල , ඇල්ල , වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශ වල මාර්ග 8කට , ඇල මාර්ග 17කට, පොදු ගොඩනැගිලි 11කට හානි වී තිබේ.
වර්ෂාවෙන් ඇල්ල - වැල්ලවාය , බණ්ඩාරවෙල - හාලිඇල , වැලිමඩ - බදුල්ල , පස්සර - බදුල්ල සහ කන්දේගෙදර - හාලිඇල යන මාර්ගවලට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී අවහිර වී තිබූ බවත් ,එම මාර්ග අවහිරතා සියල්ල ඉවත් කළ බවත් , බදුල්ල ජලසම්පාදන මණ්ඩලයේ කාර්යාලය ,පිරවුම් ස්ථානය මෙන්ම බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයද ජලයෙන් යටවීමෙන් බදුල්ල නගරය අවට ප්‍රදේශයේ ජල සැපයුම අඩාල වී ඇති බව දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරනගම මහත්මිය කීවාය .
පස්කන්දකට යටවී ජල පහරකට හසු වීමෙන් ඇල්ල හෙලහල්පේ දි බුල්ගස්තැන්න ප්‍රදේශයේ 31හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.
විපතට පත්වූ ජනතාවට පිසූ ආහාර , වියලි සලාක ආහාර ද්‍රව්‍ය සපයන අතර , මේ වනවිට වර්ෂාව ක්‍රමයෙන් අඩුවී මදපින්නක් පතිත වෙමින් පවතී .
ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ බදුල්ල පාලිත ආරියවංශ