තබ්බෝව කුඹුරු යායට අද (9) දින අලුයම 30 කට ආසන්න වනඅලි රංචුවක් අක්කර 50කට ආසන්න භූමියක කිරට නැමි තිබු කුඹුරු යායක් සම්පුර්ණයෙන් වනසා ඇති බව ගොවිහු පවසති.
ගොවින් පවසන්නේ දහවල් කාලයේ මී ඔය ආසන්නයේ රැඳි සිටින වනඅලි රාත්‍රිය වනවිට එළියට පැමිණ මෙසේ භෝග වගාවන් වලට හානි සිදුකරන බවයි .
කිරට නැමෙමින් තිබු මෙම කුඹුරුයායේ ආරක්ෂාව වෙනුවෙන් ගොවිහු විවිධ උපක්‍රම යොදා තිබුණද වනඅලින් ඒ සියල්ල මඟහැර කුඹුරු වලට කඩා වැදි ගොයම කිසිම අයුරකින් නැවත ප්‍රයෝජනයට ගත නොහැකි වන අයුරින් වනසා ඇති නිසා ගොවිහු කම්පාවට පත්වි සිටිති.
එසේම තබ්බෝව ව්‍යාපාරයේ නායන්කල්ඹ කුඹුරු මී ඔයට ආසන්නයේ පැවතිමත් සමග හානිය වැඩිවි ඇති බවද ගොවිහු පවසති.
මෙහිදි අදහස් දක්වමින් සිටි හානියට පත් කුඹුරු අයත් පළදාගම ගොවි සංවිධානයේ සභාපති වරයා වන එම් .ඩි.හැරිසන් මහතා ,
“ අපේ කුඹුරු පසුගිය දිනවල ගංවතුරින් හානි වුනා .එහිදි ගොවින් අන්ත අසරණ වුනා .ඒ හානිය යාන්තම් අකාමකා යන්න කලින් වනඅලි රංචු කඩා පැනලා කුඹුරු වනසනවා පුදුම හානියක් සිදුවෙලා තිබෙන්නේ. මේ හානි මොනවා උනත් කිසිම අයකුගෙන් සහනයක් නැති වෙලා අපි අන්තඅසරණ වෙන එක පමණයි දැන් සිදුවෙලා තිබෙන්නේ”.
මෙහිදි අදහස් දක්වමින් සිටි තබ්බෝව පිටර් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි මේ වනවිට අන්ත අසරණ වෙලා වල් රංචු පිටින් ඇවිත් ගොයම වනසලා .අපි ජීවත් වෙන්න කරන්නේ මේ ගොවිතැන විතරයි. කිසිම දෙයක් රජයකින් ඉල්ලලා නැහැ .නමුත් රජයට කියන්නේ මේ වනඅලි රංචු මේ වන උද්‍යාන වලට පන්නා දමන්න කියලා” යැයි ඔහු පවසයි.
පුත්තලම - හිරාන් ප්‍රියංකර