වන රක්ෂණයෙන් අරුම පුදුම වැඩක්


වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එම දෙපාර්තුමේන්තුවට  අයත් ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම හා කරුවලගස්වැව පිහිටි කැලෑ පද්ධතියෙන් හෙක්ටයාර් 100 ක භුමියක් සම්පූර්ණයෙන් කපා ගිනි තබා  ඩෝසර් කරමින් නැවත වන වගාවකට සැරසෙන බව පරිසරවේදීන් චෝදනා කරති.

නැවත වන වගාවකට යැයි පවසමින් පුත්තලම සෙල්ලකන්දල් හා කරුවලගස්වැව මුරුක්කුවටවන පිහිටි හෙක්ටයාර් 100 කට ආසන්න භූමියක ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතිය ජනතා සහභාගිත්වයෙන් මෙසේ විනාශ කරමින් වනසමින් ඇති බව පරිසර සංවිධාන චෝදනා එල්ල කරති .

අදාල රක්ෂිත තුළ පිහිටි බුරුත,කළුවර,මී,ඉගිනි, කොහොඹ , වීර , ඇතුළු ශාක වර්ග කපා ගිනි තබා ඩෝසර් කරමින් ඇති බවත් එම පරිසර පද්ධතිය තුළ ස්භාවිකව ඇති වනාන්තරය මෙසේ වනසා නැවත කායා , කොහොඹ සිටුවීමට සැලසුම් කර ඇති බව කියයි.

මෙම රක්ෂිත වනාන්තර පද්ධතිය වැනසීමත් සමග අලි මිනිස් ගැටුම තවත් උග්‍ර අතට පත්වීමේ අවධානමක්ද ඇති බව ජනතාව චෝදනා කරති.

එසේම මෙම ව්‍යාපෘතිය සදහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මේ වන විටත් ලබා ගෙන නොමැති බව කියයි.

නැවත වන වගා කටයුත්ත සදහා මේ වන විට සෙල්ලකන්දල් හා මුරුක්කුවටවන ප්‍රදේශ වල 50 කට ආසන්න පිරිසක් තෝරා ගෙන ඔවුන් ප්‍රතිලාභින් ලෙස නම් කර ඇති බවද කියයි.

කෙසේ නමුත් මෙම වන වගාව මගින් මේ වන විට පිහිටි ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතියට කන කොකා හඩමින් ඇති ආකාරයද දැක ගත හැකි විනි.

මෙම හේතුවෙන් මේ වන විට මෙම පරිසර පද්ධතියට හුරුවූ වන සතුන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වන අවධානම වැඩි කර ඇති බව කියයි.

වයඹ හඩ පරිසර සංවිධානයේ සංවිධායන අජීත් ගිහාන් මහතා පවසා සිටියේ මෙවැන්නකී.

“ මේ ආකාරයට කිසිම ආයතනයකට වනය හිතුමතේ විනාශ කරන්න ඔවුන්ගේ බුදල නොවේයි .ඒ වාගේම මේ සදහා අනුගමනය කල යුතු කිසිදු ක්‍රමවේදයක් භාවිතා නොකර මෙසේ වනාන්නතර පද්ධති වනසා දමන්න බැහැ.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව නැවත වන වගා කරන්න යන්නේ පිහිටි ස්භාවික වනාන්නතර පද්ධති වනසමින්ද කියලා අපි ප්‍රශ්ණ කරනවා .

මේ සියල්ල හමුවේ වෙන්නේ දැනට තිබේන වල් අලි ගැටළුව තවත් උත්සන්න විම .අනික සෙල්ලකන්දල් නෙවේ මේ කරුවලගස්වැව මුරුකුවටවන  භුමිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව බලෙන් අල්ලගෙන මොකද මෙය තබ්බෝව අභය භුමිය ගැසට් කරද්දී සිදුවු යම් ප්‍රමාදයක් මුල් කරමින් මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරන අපරාධය අපි අනුමත කරන්නේ නැහැ .අනික වනජීවි දෙපාර්තුමේන්තුවත් පැත්තකට වෙලා බලා ඉන්නවා .

මේ සියල්ල හමුවේ අපේ පරිසර පද්ධතිය වන සතුන්ට අත්වන ඉරණම සුළුපටු නැහැ යැයි ඔහු පැවසිය.

මෙම වන විනාශය පිලිබදව අදහස් දැක්වු කරුවලගස්වැව 17 කනුව ශ්‍රී ලුම්බිණි විහාරයේ විහාරාධිපති මන්නෑවේ පඤඤාරාම හිමියන් මෙසේ පවසන්නට විය.

“අපිට ගැටළුවක් නැහැ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව නැවත වගා කරනවාට .නමුත් තිබෙන ස්භාවික රක්ෂීත වනාන්තර වනසලා සතා සිව්පාවුන්ට යන එන මං නැති කරලා කරන වන වගාව මොකක් ද කියලායි ගැටළුව.

මේ කරුවලගස්වැව වගේම පුත්තලමේත් වගා කරන්නේ නැති පුද්ගලික ඉඩම් කොච්චර තිබේනවාද .ඉතින් ඒවා වගා කරලා වන වියන් හදන්න පුළුවන් කම තියෙද්දී මේ මොන ඔල මොට්ටල වැඩක්ද කියාල අපිට නම් හිතා ගන්න බැහැ .

අපි මේ සදහා පරිසර සංවිධාන සමග එක්වෙලා අධිකරණයේ පිහිට පවතනවා ඉදිරියේදි මේ වනාන්තර ආරක්ෂා කරලා දෙන්න කියලා යැයි උන් වහන්සේ පැවසිය.

මේ පිළිබදව පුත්තලම දිසා වන නිළධාරි සරත් කුමාර මහතාගෙන් කල විමසීමේදි පවසා සිටියේ මෙවැන්නකී.

මෙය නැවත වන වගා කිරීමේ කටයුත්තක් ජනතාව සහභාගිත්වයෙන් තමා සිදුවන්නේ මේ අනුව පුත්තලම හා ආණමඩුවේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුට අයත් භුමි වල හෙක්ටයාර් 100 ක නැවත වන වගාව ආරම්භ කරන්න වනජීවි සම්පත් හා  වන සංරක්ෂණ  රාජ්‍ය අමාත්‍යංශය මගින් තමා මෙහි සම්පූර්ණයෙන් මෙහෙය වීම සිදුවන්නේ ඒ අනුව කොහොඹ හා කායා නැවත වන වගාව යටතේ සිදුවනවා .

ඒ අනුව තෝරා ගත් ගොවීන් මෙම භුමි තුළ අදාල වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ලබා දෙන පැල සිටුවීම කරන්න වෙනවා.එයට ගෙවීමක් ලබා දෙනවා ඒ වන වගාව තුළ වසර පහක් යන තුරු යටි වගාවක් ලෙස ගොවීන්ට ඔවුන්ගේ වගාකටයුතු කරන්න අවස්ථාව ලබා දෙනවා යැයි පැවසිය.

මේ සදහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගෙන ඇත් දැයි කල විමසිමේදි දිසා වන නිළධාරි වරයා පවසා සිටියේ එය අවශ්‍ය නොවන බවයි.

කෙසේ නමුත් පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ හෙක්ටයාරයකට වැඩි වන එළි පෙහෙලි කිරීමක් සදහා අනිවර්යෙන් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බවයි.



Recommended Articles