පවතින අධික වර්ෂාවත් සමඟ වැලිමඩ රේන්දපොල අබේවෙල හරහා ලෝකාන්තය මාර්ගයේ කලුපාලම අසලදී මාර්ගය ගිලාබැස නාය යාමට ලක්වීම නිසාවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද (12දා) වසා දැමූ බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි.
මෙම මාර්ගය අද (12දා) මෙසේ ගිලාබැස නාය යාමට ලක්වූ බවත් , මාර්ගයේ විශාල කොටසක් නාය යාමට ලක් වී ඇතැයි පොලිසිය පැවසීය .
මෙම මාර්ගය නාය යාමට ලක් වී ඇති බව නොදැන අද (12) මෙම මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෙරලී ගොස් අනතුරට පත්වූ බවත් එහි රියදුරු ත්‍රීරෝද රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයිද කැප්පෙටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක රාජපක්ෂ මහතා සදහන් කළේය.
නාය යාමට ලක් වූ මෙම මාර්ගයේ විශාල ඉරිතැලීම් පිපිරිම් ඇති ව්තිිීබෙන බවත් දැනට පවතින අධික වර්ෂාවත් සමඟ මාර්ගය තව දුරටත් නාය යාමේ දැඩි අවධානමක පවතින හෙයින් ආරක්ෂිත පියවරක් ලෙස මෙසේ මාර්ගය දැනුම් දෙන තුරු වසා දැමූ බවද කැප්පෙටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්