අධික වේගයෙන් ධාවන වු මොටර් රථයක් ලිස්සා ගොස් ප්රධාන මාර්ගයේ අභියස කන්දක ගැටි මාර්ගයේ හරහා පෙරලි අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
(29) දින අලුයම 1ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ හැටන් කොටගල ඉන්ධන පිරවුම් හල අසලදිය.
හැටන් දික්ඔය ප්රදේශයේ සිට අධික වේගයෙන් ධාවන කර ඇති මොටර් රථය පැවති අධික වර්ෂාවත් සමග ලිස්සා ගොස් ප්රධාන මාර්ගය අභියස පිහිටි කන්දක ගැටි මාර්ගය හරහා පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත් වන දිඹුල පතන පොලිසිය පැවසිය.
මොටර් රථය අනතුරට පත් වන අවස්ථාවෙ රියදුරා පමණක් මොටර් රථය තුල සිට ඇති බවත් අනතුරෙන් රියදුරාට කිසිදු තුවාලයක් සිදුවි නොමැති බවත්, අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභහානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය,හැටන් කොළඔ ප්රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුලු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවන කිරිමේදි සැලකිලිමත් ව සහ සෙමින් රිය ධාවන කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.