වනාතවිල්ලුව මොරපතාව ගම්මානයේ අක්කර 5 ක භුමියක රුපියල් ලක්ෂ 12 ක් වියදම් කරමින් වගාකල මාළු මිරිස් වගාවෙන් රුපියල් 12 ක් වත් ආදායමක් ලබා ගැනිමට නොහැකි බව මහා පරිමාණ වගාකරුවකු වන ඩි.අජිත් අප්පුහාමි මහතා පවසයි.
අජීත් අප්පුහාමි මහතා පවසන්නේ ඉතාමත් සරුසාර පෙළවක් වන වනාතවිල්ලුව මොරපතාව ගම්මානයේ මෙවර අක්කර 5 ක මාළු මිරිස් වගා කල බවයි.
කාබනික පොහොර යොදා බිම් සැකසිම සිදු උවත් මාළු මිරිස් ගස් වර්ධනයට රසායනික පොහොර නොමැති විමත් මාළු මිරිස් ගස් වගාවට කුඩිත්තන්ගේ හානි හේතුවෙන් කොරිඩෑ විම සිදුවු බවයි.
ඒ සඳහා කෘමිනාශක සොයා ගැනිමට නොහැකි විමත් සමග වගාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව වගාකරු පවසයි.
මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු අජිත් අප්පුහාමි මහතා .
“ඇත්තටම මම බහුතරයක් වගා කරන්නේ කල්පිටියේ නමුත් මේ වනාතවිල්ලුවෙ මිළදි ගත්ත ඉඩමේ මාළු මිරිස් දැම්මේ සාරවත් පසක් නිසා
නමුත් මේ වගාවට මේ වෙද්දි කුඩිත්තන්ගෙන් හානි වෙලා ගස් කොරිඩෑ වෙලා මේ සඳහා යෙදිය යුතු කෘමිනාශක නොමැති විම නිසා අක්කර පහක මාළු මිරිස් වගාව සම්පුර්ණයෙන් විනාශ වුණා.
වගාව මේ මට්ටමට ගෙන එන්න විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩිය ගියා.
වල් අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න ඉඩම වටේ අලි අගල් අරින්න තවත් ලක්ෂ 5 ක් විතර වියදම් වුණා. සේරම ගනන් බලපුහාම ලක්ෂ 17 ක් විතර වගාවට වියදම් කරලා මගේ මහන්සිය නැතුව.
මෙච්චර වියදම් කරලාත් වගාවෙන් රුපියල් 12 ක් ගන්න බැරි තත්වයක් තිබෙන්නේ.
හරිම දුකක් ඇතිවෙන්නේ අපි ඉස්සර වගා කරද්දි ගොවි රජවරු දැන් ගොවි හිගන්නන් බවට පත්වෙලා.
මාළු මිරිස් ගස් වල හැදිලා තියෙන කරල් දෙක තුනත් දුර්වලයි. වර්ධනයක් කොටින්ම නැහැ.දැන් අපි හිතන්නේ මේ සියල්ල නිසා ඉක්මනට ගොවිතැනින් ඉවත් වෙන්න”